Skip to main content

Posts

Showing posts from June, 2009

කිංස්වුඩ් රජුන් රාජකීයන් හමුවේ දණ ගසති

මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය පිළිබඳව මහනුවර කිංස්වුඩ් පිල තබා තිබූ බලාපොරොත්තු සුන් කල රාජකීය ක්‍රීඩකයෝ 43-17 ලෙස ජදෙපිල අතර පැවති තරඟය ජය ගැනීමට සමත් විය. කොළඹ රාජකීය පිටියේ දී පැවති මෙම තරඟය අපේක්ෂා කල පරිද්දේන්ම තියුණු මුහුණුවරක් ගත් අතර මුලින්ම ලකුණු රැස් කිරීමට කිංස්වුඩ් පිල සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ රාජකීයන් ලකුණු තත්වය සම කිරීමට සමත් වූහ. ප්‍රථම භාගය නිමා වන විට 17 - 14 ලෙස රාජකීයන් ඉදිරියෙන් සිටි අතර ඉන් අනතුරුව වේගවත් ක්‍රීඩා විලාසයක නිරත වෙමින් ලකුණු රැස් කලහ. ගෝල දිනුම් 5 ක් උත්සාහක දිනුමක් සහ එක දඩුවම් පහරක් මගින් රාජකීය ලකුණු රැස් වූ අතර කිංස්වුඩ් පිල ගෝල 2 ක් සහ එක දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කලහ.

පාසල් රගර් පිටිය උණුසුම් වෙයි

අන්තර් පාසල් රගර් වසන්තයේ අග භාගයට එළඹෙමින් පවතින මේ සමයේ ලීග් කිරුළ සඳහා සටන තවත් උණුසුම් වී ඇත. මේ වන විට ලීග් කිරුළ සඳහා රාජකීය, කිංස්වුඩ් , සාන්ත තෝමස් යන කණ්ඩායම් අතර සටන ඇතිවී තිබේ. දැනට රාජකීය පිල අපරාජිතව පසුවන අතර කිංස්වුඩ්සහ සාන්ත තෝමස් කණ්ඩායම් දෙකම එක තරඟය බැගින් පරාජය ලබා සිටියි. මේ අනුව රාජකීය - කිංස්වුඩ් තරඟය ලීග් කිරුල දිනා ගන්නා කණ්ඩායම තීරණය කරන තරඟය වීමට බොහෝ ඉඩ ඇති බව රග්බි ලෝලීන් ගේ මතයයි.

CR සහ මහනුවර අපරාජිතයි

මෙවර අන්තර් සමාජ රග්බි පිටියේ හය වන සති අන්තය වන විට අපරාජිතව සිටීමට ප්‍රබල මහනුවර සහ CR යන කණ්ඩායම් සමත්ව සිටී. මෙහිදී පස් වන සතිය නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට CR පිල සමත් විය. මෙම දෙපිල අතර තරඟය ලබන සති අන්තයේ එනම් 28 වන දා කොළඹ ලොන්ග්ඩන් පෙදෙසේ දී පැවැත්වෙනු ඇත. මෙම තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව මෙම සති අන්තයේ දී මහනුවර පිල හැව්ලොක් පිල සමග තරඟ වදිනු ඇත. තරඟාවලිය මුල දී ආබාධයන් නිසා ක්‍රීඩකයන් ගේ අඩු පාඩුවක් පැවතියද මේ වන විට මහනුවර පිල සුපුරුදු රිද්මයට පැමිණ සිටියි.
අන්තර් සමාජ රගර් තරඟාවලියේ පැවති තවත් තරඟයකදී CH පිල පරාජය කල CR පිල ජය ලැබීය. මේ තරඟය මෙඩ්ලන්ඩ් පෙදෙසේදී පැවැත්වින. මෙමෙ තරඟය 17-10 ලෙස CR පිල ජය ගත් නමුදු වර්ෂාවෙන් තෙත බරිතව තිබූ ක්‍රීඩාගනය නිසා සුපුරුදු වේගවත් තරඟ විලාශය දෙපිලෙන්ම දැක ගැනීමට නොහැකි විය. CR පිල දඩුවම් පහර 2 ක් , ඩ්‍රොප් ගෝල 2 ක් සහ එක උත්සාහක දිනුමකින් ලකුණු රැස් කල අතර CH පිල එක ගෝලයක් සහ දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කලහ. මෙහිදී CR පිලේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක දේව් ආනන්ද අති විශිෂ්ඨ ක්‍රිඩා විලාසයක් පෙන්නුම් කලේය.

CH පිල පසු බසියි

මෙවර අන්තර් සමාජ රගර් පිටියට ඉමහත් බල්පොරොත්තු තබා පිවිසි CH සහ FC පිල මේ වන විට ප්‍රබල ලෙස පසු බෑමට ලක්ව සිටියි. මේ වන විට ඔවුන් මුහුණ දුන් තරඟ 6 කින් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරඟ 2 ක් පමණි. මේ වන විට ඔවුන් නාවික හමුදා පිල ඉදිරියේ 18 -12 ලෙස ද , යුධ හමුදාව ඉදිරියේ 21 -12 ලෙස ද , මහනුවර පිල හමුවේ 37 - 3 ලෙස හා CR පිල වෙතින් 17 -10 පරාජයක් ලැබීය. දෙවන වටයේ දී ඔවුන් කෙසේ දස්කම් දක්වාවි ද යන්න ක්‍රීඩා ලෝලීන් ගේ අවධානයට පත්ව ඇත.

බ්‍රැඩ්බි පලිහ රාජකීයන් සතු වේ

අති විශිෂ්ඨ ක්‍රීඩා විලාශයක නිරත වූ කොළඹ රාජකීය පිල මෙවර ත්‍රිත්ව විදුහල පරදවමින් බ්‍රැඩ්බි පලිහ දිනා ගැනීමට සමත් විය. මහනුවරදී 22-12 ලෙඅද , කොළඹ දී 31-15 ලෙසද වාර්තා කරමින් ජය ග්‍රහණය තමන් සතු කර ගැනීමට රාජකීය පිල සමත් විය. මෙමෙ අනුව සමස්ත ලකුණු 51 - 27 ක පහසු ජයක් රාජකීය පිලට හිමි විය. මෙහි දී රාජකීය පිලේ ඉදිරිපෙල ක්‍රීඩකයන්ගේ දස්කම් ඉතා කැපී පෙනිනි. රාජකීය පිල නරේන් දාසන් විසින් මෙහෙයවන ලදී.