Sunday, August 2, 2009
CR පිලට පහසු ජයක්
අන්තර් සමාජ රගර් තරඟාවලියේ තවත් තරඟයකදී ගුවන් හමුදා පිල 55-0 ලෙස පරාජය කල CR පිල පහසු ජයක් ලැබීය. ප්‍රථම භාගය නිමා වන විට 26-0 ලෙස CR පිල ඉදිරියෙන් සිටියේය. ගෝල දිනුම් 5ක් සහ උත්සහක දිනුම් 4 ක් මගින් එම ලකුණු වාර්තා වූ අතර CR ෆ්ලයි හාල්ෆ් ක්‍රීඩක අෂාන් ඩි කොස්තා විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කලේය.
Labels:
CR,
අන්තර් සමාජ,
ගුවන් හමුදාව,
රගර්
Saturday, August 1, 2009
පුබල මහනුවර පිල පැරදවීමට නාවික හමුදාව සමත් වෙයි
මෙවර අන්තර් සමාජ රගර් පිටියෙ පෙරළිකාර කණ්ඩායම වන නාවික හමුදා පිල පසුගිය සති අන්තයේ දී ප්‍රබල මහනුවර පිල පැරදවීමට සමත් විය. මෙහිදී ලකුණු තත්වය 12 -11 ලෙස සටහන් විය. මහනුවර පිල වෙනුවෙන් අනුර උදන්ගමුව උත්සාහක දිනුමක් වාර්තා කල අතර සාලිය කුමාර දඩුවම් පහර දෙකක් එල්ල කලේය. ජයග්‍රාහී නාවික හමුදා පිල දඩුවම් පහර 4 ක් මගින් ලකුණු රැස් කල අතර නුව් හෙට්ටිආරච්චි සහ දේව් ආනන්ද පහර 2 බැගින් සාර්ථක කර ගත්හ.
ප්‍රථම භාගය නිම වන විට නාවික හමුදා පිල 6-5 ලෙස ඉදිරියෙන් සිටියේය. නාවික හමුදා පිල මෙහෙයවනු ලබන්නේ යෝෂිත රාජපක්ෂ විසිනි.

ප්‍රථම භාගය නිම වන විට නාවික හමුදා පිල 6-5 ලෙස ඉදිරියෙන් සිටියේය. නාවික හමුදා පිල මෙහෙයවනු ලබන්නේ යෝෂිත රාජපක්ෂ විසිනි.

Labels:
අන්තර් සමාජ,
දේව් ආනන්ද,
නාවික හමුදාව,
මහනුවර,
යෝෂිත රාජපක්ෂ,
රගර්
Monday, July 6, 2009
මෙවර පාසල් ලීග් ලකුණූ සටහන
Sunday, July 5, 2009
රාජකීය පිල ලීග් කිරුල දිනා ගනියි
මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. මෙම තරඟවාරය තුල තමන් මුහුණ දුන් තරඟ 9 ම ජයග්‍රහණය කල රාජකීය පිල මෙමෙ තරඟ වාරයේ එකම අපරාජිත කණ්ඩායම ලෙස තමන්ගේ වාර්තාව රැක ගැනීමට සමත් විය. මෙවර රාජකීය කණ්ඩායම මෙහෙයවූයේ නරේන් දාසන් විසිනි.
ලීග් තරඟාවලියේ අවසන් තරඟයේදී රාජකීය පිල විසින් සාන්ත ජෝසප් පිල 49-7 ලෙස පරාජය කරන ලදී. රාජකීය පිල අවසන් වරට ලීග් ශූරතාවය දිනා ගත්තේ 2003 වසරේ දී ශ්‍රී ලංකා සෙන්ටර් ක්‍රීඩක රජිත් ජයසුන්දර ගේ නායකත්වය යටතේය.
Labels:
නරේන් දාසන්,
පාසල්,
රගර්,
රජිත් ජයසුන්දර,
රාජකීය
Saturday, July 4, 2009
රාජකීය පිල ලීග් කිරුල අභියස
මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය පිළිබඳව සිය බලාපොරොත්තු ඉහල නංවා ගත් රාජකීය ක්‍රීඩකයෝ පසුගිය සති අන්තයේ දී ඉසිපතන පිල පරාජය කිරීමට සමත් විය. මේ අනුව දැනට තරඟාවලියේ පැවති තරඟ සියල්ලම ජය ගැනීමට එම පිල සමත්ව සිටී. මෙම තරඟය 22 - 3 ලෙස ජය ගැනීමට රාජකීය පිල සමත් විය.
තරඟයේ මුල් විනාඩි කිහිපය තුල දේවින්ද ප්‍රසාද් ගේ දඩුවම් පහරක් මගින් 3-0 ලෙස ඉසිපතන පිල ලකුණූ රැස් කල අතර ප්‍රථම භාගය නිම වන විට 5-3 ලෙස රාජකීය පිල පෙරමුණ ගැනීමට සමත් විය.
Wednesday, June 24, 2009
කිංස්වුඩ් රජුන් රාජකීයන් හමුවේ දණ ගසති
මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය පිළිබඳව මහනුවර කිංස්වුඩ් පිල තබා තිබූ බලාපොරොත්තු සුන් කල රාජකීය ක්‍රීඩකයෝ 43-17 ලෙස ජදෙපිල අතර පැවති තරඟය ජය ගැනීමට සමත් විය. කොළඹ රාජකීය පිටියේ දී පැවති මෙම තරඟය අපේක්ෂා කල පරිද්දේන්ම තියුණු මුහුණුවරක් ගත් අතර මුලින්ම ලකුණු රැස් කිරීමට කිංස්වුඩ් පිල සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ රාජකීයන් ලකුණු තත්වය සම කිරීමට සමත් වූහ.
ප්‍රථම භාගය නිමා වන විට 17 - 14 ලෙස රාජකීයන් ඉදිරියෙන් සිටි අතර ඉන් අනතුරුව වේගවත් ක්‍රීඩා විලාසයක නිරත වෙමින් ලකුණු රැස් කලහ. ගෝල දිනුම් 5 ක් උත්සාහක දිනුමක් සහ එක දඩුවම් පහරක් මගින් රාජකීය ලකුණු රැස් වූ අතර කිංස්වුඩ් පිල ගෝල 2 ක් සහ එක දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කලහ.

Sunday, June 21, 2009
පාසල් රගර් පිටිය උණුසුම් වෙයි
අන්තර් පාසල් රගර් වසන්තයේ අග භාගයට එළඹෙමින් පවතින මේ සමයේ ලීග් කිරුළ සඳහා සටන තවත් උණුසුම් වී ඇත. මේ වන විට ලීග් කිරුළ සඳහා රාජකීය, කිංස්වුඩ් , සාන්ත තෝමස් යන කණ්ඩායම් අතර සටන ඇතිවී තිබේ.
දැනට රාජකීය පිල අපරාජිතව පසුවන අතර කිංස්වුඩ්සහ සාන්ත තෝමස් කණ්ඩායම් දෙකම එක තරඟය බැගින් පරාජය ලබා සිටියි. මේ අනුව රාජකීය - කිංස්වුඩ් තරඟය ලීග් කිරුල දිනා ගන්නා කණ්ඩායම තීරණය කරන තරඟය වීමට බොහෝ ඉඩ ඇති බව රග්බි ලෝලීන් ගේ මතයයි.

කිංස්වුඩ්,
පාසල්,
රගර්,
රාජකීය,
සාන්ත තෝමස්
Subscribe to:
Posts (Atom)