Skip to main content

Posts

Showing posts from November, 2008

වාර්ෂික හොකී තරඟය ජය පැරදුමෙන් තොරයි.

කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර 9 වනවරටත් පැවති වාර්ෂීක මහා හොකී තරඟය පසුගිය දා යජ පරාජයෙන් තොරව නිම විය. පසුගිය 22 වන සෙනසුරාදා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩා පිටියේදි මෙම තරඟය පැවැත් විනි. පසුගිය වසරේ 4-0 ලෙස පරාජයට පත්වූ සාන්ත තෝමස් පිලෙන් මෙවර ඉතා අධිෂ්ඨාන ශීලී ක්‍රීඩා රටාවක් දක්නට ලැබිණී. තරඟයේ මුල පටන්ම දෙපිලම ඉතා ආක්‍රමණ ශීලී තරඟ රටාවක නිරත වූ නමුදු ප්‍රථම භාගය අවසාන වන විට ගෝල රැස් කිරීමට දෙපිලටම නොහැකි විය. නමුත් තරඟයේ දෙවනි භාගයෙ දී එක වරම ක්‍රියාත්මක වූ සාන්ත තෝමසුවන් ප්‍රථම ගෝලය වාර්තා කල අතර ඉන් සුලු වෙලාවකට පසු රාජකීය බලාපොරොත්තු කඩ කරමින් දෙවන ගෝලය වාර්තා කලේ 2-0 ලෙස පෙරමුණ ගනිමිනි. නමුත් තරඟය අත නොහැරි රාජකීය ක්‍රීඩකයො ඉතා කෙටි කාලයක් තුල ගෝල 2 ක් වාරාතා කර ලකුණු තත්වය 2-2 ලෙස සම කිරීමට සමත් වූහ. අනතුරුව තරඟයේ නියමිත කාලය තුල දෙපිලම ලකුණු වාර්තා කිරීමට අසමත් වූ අතර ඊට පසුව ලැබුණු අමතර කාලයේ දි ද 2-2 ලෙස පැවතුණි. ඉන් අනතුරුව දඬුවම් පහර ලබා දුන් අතර දෙපිලම පහර 3 බැගින් සාර්ථක කර ගැනීම නිසා 5-5 ලෙස තරඟය නිමා විය. රාජකීය පිල වෙනුවෙන් මාලන් සේනානායක, ආ...

ආදි සිසු ගැටුමේ ජය සාන්ත තෝමසුවන් ට

රාජකීය සහ සාන්ත තෝමස් ආදි සිසුන් අතර පැවති වාර්ෂික හොකී තරඟයේ ජය ලැබීමට ශාන්ත තෝමස් පිල සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දී පැවැත්වුනු මෙම තරඟයේ දී ගෝල 1 - 0 ලෙස ප්‍රථම භාගයේ පෙරමුණ ගැනීමට තෝමසුවෝ සමත් වූහ. දෙවන භාගයේ දී ගෝල වාර්තා කිරීමට දෙපිලටම නොහැකි විය. දෙවිදුහල් නියෝජනය කල ක්‍රඩකයන් තරඟ වැදුනු මෙමෙ තරඟයේ දී ශ්‍රී ලංකා පිල නියෝජනය කල ක්‍රීඩකයන් තරඟ වැදුනි. රාජකීය පිල වෙනුවෙන් අශෝක් පීරිස් සහ අශේන් පීරිස් යන පිය පුතු යුගල තරඟ කලහ. මීට අමතරව නදිත් කුඩාගම, වැලිවත්ත, සඳුන් ගජනායක, මාලන් අලවිස් , අසංක මදුරංග, හෂාන් නිරෝෂන, වරුණ පෙරේරා , හසන්ත ජාසිංහ ආරච්චි ඇතුලු ක්‍රීඩකයන් ක්‍රීඩා කලහ.

ලේනී පෙරේරා ශූරතාවය රාජකීයන්ට

කොළඹ රාජකීය සහ මහනුවර කිංස්වුඩ් දෙවිදුහල් අතර ලේනී පෙරේරා ශූරතාවය උදෙසා පැවැත්වූ වාර්ෂික හොකී තරඟයේ ජයග්‍රහණය ලබා ගැනීමට රාජකීය පිල සමත විය. කොළඹ රාජකීය පිටියේ දී පැවැත්වුනු මෙම තරඟයේ දී ගෝල 3 - 0 ලෙස වාර්තා කරමින් තරඟයය තමන් හට නතු කර ගැනීමට රාජකීයන් සමත් වූහ. ආලෝක අමරසිරි ගේ නායකත්වයෙන් තරඟ වැදුනු රාජකීය පිල තරඟයේ ප්‍රථම භාගය නිමාවන විට 2-0 ලෙස ඉදිරියෙන් සිටියහ. ඉතා තියුණු මුහුණුවරක් ගත් තරඟය පුරාවටම දෙපිලේම ක්‍රීඩකයන් ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක නිරත වූ අතර තමන්ට ලද අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගත් රාජකීය ක්‍රීඩකයෝ තම අණසක පැතිරවීමට සමත් වූහ. මේ තරඟයට පෙර පැවති කණිෂ්ඨ වයස අවුරුදු 15 න් පහල තරඟයේ දී 4-0 පහසු ජයක් ලබා ගැනීමට රාජකීය 15 න් පහල පිල සමත් විය. මේ වසරේ සමස්ත ලංකා ශූරතාවයට හිමිකම් කියන රාජකීය කණිෂ්ඨ පිල අති දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කලහ. එම්.නවුෂාඩ් සහ සතිශ් කුමාර් විසින් තරඟය විනිශ්චය කරන ලදී.

51 වන ජාතික ජ්‍යේෂ්ඨ හොකී ශුරතාවය

51 වන ජාතික ජ්‍යේෂ්ඨ හොකී ශුරතාවය පසුගිය දා කොළඹ පොලිස් ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විනි. නොවැම්බර් මස 6 වන දින ඇරඹි තරඟාවලිය දින හතරක් පුරා අති සාර්ථකව ක්‍රියාත්මක විය. තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට පසුගිය වසර ගණනාව තිස්සේ ශූරතාවයට හිමිකම් කියන ආරක්ෂක සේවා පිල සමත් වූයේ ගියවර ද අනු ශීරයන් වූ මාතලේ හොකී සංගමය ගෝල 9-0 ලෙස පරාජය කරමිනි. මෙහිදී ජයග්‍රාහී ආරක්ෂක සේවා පිල තරඟයේ ප්‍රථම භාගය අවසන් වන විට ගොල 5-0 ලෙස ඉදිරියෙන් සිටීමට සමත් විය. තරඟාවලිය පුරා දක්ෂ ලෙස ක්‍රීඩා කල ආරක්ෂක සේවා පිලේ ක්‍රීඩක එම්.මුලාෆර් ගෝල 3 ක් රැස් කලේය. අවසන් පූර්ව වටයේදී ආරක්ෂක සේවා පිල විසින් කොළඹ හොකී සංගමය 6-0 ලෙස ද , මාතලේ සංගමය විසින් රාජ්‍ය සේවා පිල 2-0 ලෙස ද පරාජයට පත් කරන ලදී. මේවර 51 වන වරට පැවති ජාතික ජ්‍යේෂ්ඨ හොකී ශුරතාවයේ සමාරම්භක තරඟයේදී ප්‍රබල ආරක්ෂක සේවා පිල හමුවේ ශ්‍රී ලංකා පාසල් පිල ගෝල 6-1 ලෙස පරාජය විය. තරඟාවුලියේ සෙසු තරඟ ප්‍රතිපල වල බිඳක් පහත දැක්වේ. අර්ධ අවසන් පූර්ව වටය ආරක්ෂක සේවා - ගාල්ල (8-0) කොළඹ - වෙළඳ සේවා (2-1) රාජ්‍ය සේවා - ශ්‍රී ලංකා පාසල් (2-1) මාතලේ - කෑගල්ල (5-3) මූලික ව...