කොළඹ රාජකීය සහ මහනුවර කිංස්වුඩ් දෙවිදුහල් අතර ලේනී පෙරේරා ශූරතාවය උදෙසා පැවැත්වූ වාර්ෂික හොකී තරඟයේ ජයග්රහණය ලබා ගැනීමට රාජකීය පිල සමත විය. කොළඹ රාජකීය පිටියේ දී පැවැත්වුනු මෙම තරඟයේ දී ගෝල 3 - 0 ලෙස වාර්තා කරමින් තරඟයය තමන් හට නතු කර ගැනීමට රාජකීයන් සමත් වූහ. ආලෝක අමරසිරි ගේ නායකත්වයෙන් තරඟ වැදුනු රාජකීය පිල තරඟයේ ප්රථම භාගය නිමාවන විට 2-0 ලෙස ඉදිරියෙන් සිටියහ.
ඉතා තියුණු මුහුණුවරක් ගත් තරඟය පුරාවටම දෙපිලේම ක්රීඩකයන් ආක්රමණශීලි ක්රීඩා රටාවක නිරත වූ අතර තමන්ට ලද අවස්ථා වලින් උපරිම ප්රයෝජන ගත් රාජකීය ක්රීඩකයෝ තම අණසක පැතිරවීමට සමත් වූහ. මේ තරඟයට පෙර පැවති කණිෂ්ඨ වයස අවුරුදු 15 න් පහල තරඟයේ දී 4-0 පහසු ජයක් ලබා ගැනීමට රාජකීය 15 න් පහල පිල සමත් විය. මේ වසරේ සමස්ත ලංකා ශූරතාවයට හිමිකම් කියන රාජකීය කණිෂ්ඨ පිල අති දක්ෂ ක්රීඩා විලාසයක් පෙන්නුම් කලහ.
එම්.නවුෂාඩ් සහ සතිශ් කුමාර් විසින් තරඟය විනිශ්චය කරන ලදී.

Comments
Post a Comment