කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර 9 වනවරටත් පැවති වාර්ෂීක මහා හොකී තරඟය පසුගිය දා යජ පරාජයෙන් තොරව නිම විය. පසුගිය 22 වන සෙනසුරාදා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්රීඩා පිටියේදි මෙම තරඟය පැවැත් විනි. පසුගිය වසරේ 4-0 ලෙස පරාජයට පත්වූ සාන්ත තෝමස් පිලෙන් මෙවර ඉතා අධිෂ්ඨාන ශීලී ක්රීඩා රටාවක් දක්නට ලැබිණී.
තරඟයේ මුල පටන්ම දෙපිලම ඉතා ආක්රමණ ශීලී තරඟ රටාවක නිරත වූ නමුදු ප්රථම භාගය අවසාන වන විට ගෝල රැස් කිරීමට දෙපිලටම නොහැකි විය. නමුත් තරඟයේ දෙවනි භාගයෙ දී එක වරම ක්රියාත්මක වූ සාන්ත තෝමසුවන් ප්රථම ගෝලය වාර්තා කල අතර ඉන් සුලු වෙලාවකට පසු රාජකීය බලාපොරොත්තු කඩ කරමින් දෙවන ගෝලය වාර්තා කලේ 2-0 ලෙස පෙරමුණ ගනිමිනි. නමුත් තරඟය අත නොහැරි රාජකීය ක්රීඩකයො ඉතා කෙටි කාලයක් තුල ගෝල 2 ක් වාරාතා කර ලකුණු තත්වය 2-2 ලෙස සම කිරීමට සමත් වූහ.
අනතුරුව තරඟයේ නියමිත කාලය තුල දෙපිලම ලකුණු වාර්තා කිරීමට අසමත් වූ අතර ඊට පසුව ලැබුණු අමතර කාලයේ දි ද 2-2 ලෙස පැවතුණි. ඉන් අනතුරුව දඬුවම් පහර ලබා දුන් අතර දෙපිලම පහර 3 බැගින් සාර්ථක කර ගැනීම නිසා 5-5 ලෙස තරඟය නිමා විය. රාජකීය පිල වෙනුවෙන් මාලන් සේනානායක, ආලෝක අමරසිරි (නායක), ෆලූල් හලාජ් සහ ජනත් යන ක්රීඩකයෝ දස්කම් දැක්වූහ.

Comments
Post a Comment