අන්තර් සමාජ රගර් තරඟාවලියේ තවත් තරඟයකදී ගුවන් හමුදා පිල 55-0 ලෙස පරාජය කල CR පිල පහසු ජයක් ලැබීය. ප්‍රථම භාගය නිමා වන විට 26-0 ලෙස CR පිල ඉදිරියෙන් සිටියේය. ගෝල දිනුම් 5ක් සහ උත්සහක දිනුම් 4 ක් මගින් එම ලකුණු වාර්තා වූ අතර CR ෆ්ලයි හාල්ෆ් ක්‍රීඩක අෂාන් ඩි කොස්තා විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කලේය.
මෙවර අන්තර් සමාජ රගර් තරඟාවලියට වසර ගණනක නිහැඬියාව බිඳිමින් ඉදිරිපතා වන නාවික හමුදා පිල තවත් ශක්තිමත් වී ඇත. මුලින්ම සී ආර් පිල හා එකතු වූ එරන්ද වීරක්කොඩි නාවික හමුදා පිලට එකතු වී ඇත. ඊට අමතරව රවි ජයසූරිය (CR) , සුමේධ මාලේවන (CH), සමන්ත ලක්ෂාන් (හැව්ලොක්) යන ක්‍රීඩකයන් ඇතුලු අන්තර් සමාජ පිටිය වර්ණවත් කල ක්‍රීඩකයන් රැසක් නාවික හමුදා පිල නියෝජනය කරනු ඇත.
Ane Ane......
ReplyDelete