මෙවර අන්තර් සමාජ රගර් තරඟාවලියේ ආරම්භක තරඟයේදී පොලිස් පිල පරදවමින් ලකුණු 39-15 ක ජයක් ලැබීමට CH සහ FC පිල සමත් විය. මෙට්ලන්ඩ් පෙදෙසේ දී පැවැත්වුණු මෙමෙ තරඟයේ දී ඉතා ප්‍රබල ලෙස තරඟ වැදුණු CH පිල පහසුවෙන් පොලිස් පිල පරාජය කලේය. එම පිලේ ලකුණු 39 ට ගෝල දිනුම් 2 ක් සහ උත්සහක දිනුම් 5 ක් ඇතුලත් වූ අතර පොලිස් පිල ගෝල දිනුම් 1ක් , උත්සහක දිනුමක් සහ ඩ්‍රොප් ගෝලයකින් සිය ලකුණු රැස් කරන ලදී. සත්‍ය රණතුංග, රුෂික ප්‍රනාන්දූ , දිනේෂ් සංජීව , ලකල පෙරේරා, සජිත් බණ්ඩාර , මොහොමඩ් ඉසඩීන් CH පිල වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කල අතර සජිත් බණ්ඩාර ප්‍රවර්තන 2ක් සාර්ථක කර ගැනීමට සමත් විය. විවේක කාලය වන විට 10-3 ලෙස CH පිල ඉදිරයෙන් සිටියේය.