Skip to main content

Posts

Showing posts with the label රගර්

Prize Royal failed to grab

Woke up early at 4 AM here to watch what I thought would be a regular prize to grab, but end of the day proved otherwise. Evergreen Pathana boys once again  proved that they are not going to go down with out a fight. In-fact they won the war. Last week I commented on Royal rugby page saying that if we ( Royal) play basic rugby that we know, we should win the game. But day ended in disappointing manner leaving me wondering what Royal were trying to do. There were two tries scored of ill passes , most noticeably the last try scored by Sumudu Rankothge which sealed the deal for Pathana. I am sure Sumudu scored much hard working tries to win games , but would take this piece of cake with out thinking twice on any given day. If you watched those two tries scored by Pathana, they were result of Royal trying to spread the ball wide in side  their own 22 leading to fatal mistakes. Royal from the beginning looked to me like did not understood the equatio...

CR පිලට පහසු ජයක්

අන්තර් සමාජ රගර් තරඟාවලියේ තවත් තරඟයකදී ගුවන් හමුදා පිල 55-0 ලෙස පරාජය කල CR පිල පහසු ජයක් ලැබීය. ප්‍රථම භාගය නිමා වන විට 26-0 ලෙස CR පිල ඉදිරියෙන් සිටියේය. ගෝල දිනුම් 5ක් සහ උත්සහක දිනුම් 4 ක් මගින් එම ලකුණු වාර්තා වූ අතර CR ෆ්ලයි හාල්ෆ් ක්‍රීඩක අෂාන් ඩි කොස්තා විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කලේය.

පුබල මහනුවර පිල පැරදවීමට නාවික හමුදාව සමත් වෙයි

මෙවර අන්තර් සමාජ රගර් පිටියෙ පෙරළිකාර කණ්ඩායම වන නාවික හමුදා පිල පසුගිය සති අන්තයේ දී ප්‍රබල මහනුවර පිල පැරදවීමට සමත් විය. මෙහිදී ලකුණු තත්වය 12 -11 ලෙස සටහන් විය. මහනුවර පිල වෙනුවෙන් අනුර උදන්ගමුව උත්සාහක දිනුමක් වාර්තා කල අතර සාලිය කුමාර දඩුවම් පහර දෙකක් එල්ල කලේය. ජයග්‍රාහී නාවික හමුදා පිල දඩුවම් පහර 4 ක් මගින් ලකුණු රැස් කල අතර නුව් හෙට්ටිආරච්චි සහ දේව් ආනන්ද පහර 2 බැගින් සාර්ථක කර ගත්හ. ප්‍රථම භාගය නිම වන විට නාවික හමුදා පිල 6-5 ලෙස ඉදිරියෙන් සිටියේය. නාවික හමුදා පිල මෙහෙයවනු ලබන්නේ යෝෂිත රාජපක්ෂ විසිනි.

රාජකීය පිල ලීග් කිරුල දිනා ගනියි

මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. මෙම තරඟවාරය තුල තමන් මුහුණ දුන් තරඟ 9 ම ජයග්‍රහණය කල රාජකීය පිල මෙමෙ තරඟ වාරයේ එකම අපරාජිත කණ්ඩායම ලෙස තමන්ගේ වාර්තාව රැක ගැනීමට සමත් විය. මෙවර රාජකීය කණ්ඩායම මෙහෙයවූයේ නරේන් දාසන් විසිනි. ලීග් තරඟාවලියේ අවසන් තරඟයේදී රාජකීය පිල විසින් සාන්ත ජෝසප් පිල 49-7 ලෙස පරාජය කරන ලදී. රාජකීය පිල අවසන් වරට ලීග් ශූරතාවය දිනා ගත්තේ 2003 වසරේ දී ශ්‍රී ලංකා සෙන්ටර් ක්‍රීඩක රජිත් ජයසුන්දර ගේ නායකත්වය යටතේය.

රාජකීය පිල ලීග් කිරුල අභියස

මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය පිළිබඳව සිය බලාපොරොත්තු ඉහල නංවා ගත් රාජකීය ක්‍රීඩකයෝ පසුගිය සති අන්තයේ දී ඉසිපතන පිල පරාජය කිරීමට සමත් විය. මේ අනුව දැනට තරඟාවලියේ පැවති තරඟ සියල්ලම ජය ගැනීමට එම පිල සමත්ව සිටී. මෙම තරඟය 22 - 3 ලෙස ජය ගැනීමට රාජකීය පිල සමත් විය. තරඟයේ මුල් විනාඩි කිහිපය තුල දේවින්ද ප්‍රසාද් ගේ දඩුවම් පහරක් මගින් 3-0 ලෙස ඉසිපතන පිල ලකුණූ රැස් කල අතර ප්‍රථම භාගය නිම වන විට 5-3 ලෙස රාජකීය පිල පෙරමුණ ගැනීමට සමත් විය.

කිංස්වුඩ් රජුන් රාජකීයන් හමුවේ දණ ගසති

මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය පිළිබඳව මහනුවර කිංස්වුඩ් පිල තබා තිබූ බලාපොරොත්තු සුන් කල රාජකීය ක්‍රීඩකයෝ 43-17 ලෙස ජදෙපිල අතර පැවති තරඟය ජය ගැනීමට සමත් විය. කොළඹ රාජකීය පිටියේ දී පැවති මෙම තරඟය අපේක්ෂා කල පරිද්දේන්ම තියුණු මුහුණුවරක් ගත් අතර මුලින්ම ලකුණු රැස් කිරීමට කිංස්වුඩ් පිල සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ රාජකීයන් ලකුණු තත්වය සම කිරීමට සමත් වූහ. ප්‍රථම භාගය නිමා වන විට 17 - 14 ලෙස රාජකීයන් ඉදිරියෙන් සිටි අතර ඉන් අනතුරුව වේගවත් ක්‍රීඩා විලාසයක නිරත වෙමින් ලකුණු රැස් කලහ. ගෝල දිනුම් 5 ක් උත්සාහක දිනුමක් සහ එක දඩුවම් පහරක් මගින් රාජකීය ලකුණු රැස් වූ අතර කිංස්වුඩ් පිල ගෝල 2 ක් සහ එක දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කලහ.

පාසල් රගර් පිටිය උණුසුම් වෙයි

අන්තර් පාසල් රගර් වසන්තයේ අග භාගයට එළඹෙමින් පවතින මේ සමයේ ලීග් කිරුළ සඳහා සටන තවත් උණුසුම් වී ඇත. මේ වන විට ලීග් කිරුළ සඳහා රාජකීය, කිංස්වුඩ් , සාන්ත තෝමස් යන කණ්ඩායම් අතර සටන ඇතිවී තිබේ. දැනට රාජකීය පිල අපරාජිතව පසුවන අතර කිංස්වුඩ්සහ සාන්ත තෝමස් කණ්ඩායම් දෙකම එක තරඟය බැගින් පරාජය ලබා සිටියි. මේ අනුව රාජකීය - කිංස්වුඩ් තරඟය ලීග් කිරුල දිනා ගන්නා කණ්ඩායම තීරණය කරන තරඟය වීමට බොහෝ ඉඩ ඇති බව රග්බි ලෝලීන් ගේ මතයයි.

CR සහ මහනුවර අපරාජිතයි

මෙවර අන්තර් සමාජ රග්බි පිටියේ හය වන සති අන්තය වන විට අපරාජිතව සිටීමට ප්‍රබල මහනුවර සහ CR යන කණ්ඩායම් සමත්ව සිටී. මෙහිදී පස් වන සතිය නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට CR පිල සමත් විය. මෙම දෙපිල අතර තරඟය ලබන සති අන්තයේ එනම් 28 වන දා කොළඹ ලොන්ග්ඩන් පෙදෙසේ දී පැවැත්වෙනු ඇත. මෙම තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව මෙම සති අන්තයේ දී මහනුවර පිල හැව්ලොක් පිල සමග තරඟ වදිනු ඇත. තරඟාවලිය මුල දී ආබාධයන් නිසා ක්‍රීඩකයන් ගේ අඩු පාඩුවක් පැවතියද මේ වන විට මහනුවර පිල සුපුරුදු රිද්මයට පැමිණ සිටියි.
අන්තර් සමාජ රගර් තරඟාවලියේ පැවති තවත් තරඟයකදී CH පිල පරාජය කල CR පිල ජය ලැබීය. මේ තරඟය මෙඩ්ලන්ඩ් පෙදෙසේදී පැවැත්වින. මෙමෙ තරඟය 17-10 ලෙස CR පිල ජය ගත් නමුදු වර්ෂාවෙන් තෙත බරිතව තිබූ ක්‍රීඩාගනය නිසා සුපුරුදු වේගවත් තරඟ විලාශය දෙපිලෙන්ම දැක ගැනීමට නොහැකි විය. CR පිල දඩුවම් පහර 2 ක් , ඩ්‍රොප් ගෝල 2 ක් සහ එක උත්සාහක දිනුමකින් ලකුණු රැස් කල අතර CH පිල එක ගෝලයක් සහ දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කලහ. මෙහිදී CR පිලේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක දේව් ආනන්ද අති විශිෂ්ඨ ක්‍රිඩා විලාසයක් පෙන්නුම් කලේය.

CH පිල පසු බසියි

මෙවර අන්තර් සමාජ රගර් පිටියට ඉමහත් බල්පොරොත්තු තබා පිවිසි CH සහ FC පිල මේ වන විට ප්‍රබල ලෙස පසු බෑමට ලක්ව සිටියි. මේ වන විට ඔවුන් මුහුණ දුන් තරඟ 6 කින් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරඟ 2 ක් පමණි. මේ වන විට ඔවුන් නාවික හමුදා පිල ඉදිරියේ 18 -12 ලෙස ද , යුධ හමුදාව ඉදිරියේ 21 -12 ලෙස ද , මහනුවර පිල හමුවේ 37 - 3 ලෙස හා CR පිල වෙතින් 17 -10 පරාජයක් ලැබීය. දෙවන වටයේ දී ඔවුන් කෙසේ දස්කම් දක්වාවි ද යන්න ක්‍රීඩා ලෝලීන් ගේ අවධානයට පත්ව ඇත.

බ්‍රැඩ්බි පලිහ රාජකීයන් සතු වේ

අති විශිෂ්ඨ ක්‍රීඩා විලාශයක නිරත වූ කොළඹ රාජකීය පිල මෙවර ත්‍රිත්ව විදුහල පරදවමින් බ්‍රැඩ්බි පලිහ දිනා ගැනීමට සමත් විය. මහනුවරදී 22-12 ලෙඅද , කොළඹ දී 31-15 ලෙසද වාර්තා කරමින් ජය ග්‍රහණය තමන් සතු කර ගැනීමට රාජකීය පිල සමත් විය. මෙමෙ අනුව සමස්ත ලකුණු 51 - 27 ක පහසු ජයක් රාජකීය පිලට හිමි විය. මෙහි දී රාජකීය පිලේ ඉදිරිපෙල ක්‍රීඩකයන්ගේ දස්කම් ඉතා කැපී පෙනිනි. රාජකීය පිල නරේන් දාසන් විසින් මෙහෙයවන ලදී.

සුමේධ මාලේවන ට තරඟ තහනමක්

ගිය සති අන්තයේ පැවති මහනුවර සහ නාවික හමුදාව අතර රගබි පාපන්දු තරඟයේ දී අනතුරුදායක අන්දමින් ක්‍රීඩා කල නාවික හමුදා පිලේ අංක අට ක්‍රීඩක සුමේධ මාලේවන හට සති දෙකක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රගබි පාපන්දු සම්මේලනයේ විනය කමිටුව තීරණය කර ඇත. මේ අනුව යුධ හමුදා සහ CH කණ්ඩායම් අතර තරඟ ඔහුට මග හැරෙනු ඇත. මීට අමතරව මෙම තරඟයේ සිදු වූ විනය විරෝධි සිදුවීම් පිළිබදව වීඩීයෝ පටයක් මහනුවර පිල විසින් අදාල විනය කමිටුවට ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධව පරීක්ෂණ ඉදිරියේ දී පැවැත්වෙන බව නිවේදනය කර තිබේ.  

CR පිල ගුවන් හමුදාව පරදවයි

පසුගිය සති අන්තයේ පැවති තවත් අන්තර් සමාජ රගබි තරඟයකදී ගුවන් හමුදා පිල පැරදවූ CR සහ FC පිල ලකුණු 26 - 0 ක ජයක් ලැබීය. අෂේන් කරතේලිස්, චාමර විතානගේ , අෂා න් ඩි කොස්තා සහ හෙන්රි ටෙරන්ස් උත්සාහක දිනුම් වාර්තා කලහ.

CH ප්‍රථම තරඟය ජය ගනී

මෙවර අන්තර් සමාජ රගර් තරඟාවලියේ ආරම්භක තරඟයේදී පොලිස් පිල පරදවමින් ලකුණු 39-15 ක ජයක් ලැබීමට CH සහ FC පිල සමත් විය. මෙට්ලන්ඩ් පෙදෙසේ දී පැවැත්වුණු මෙමෙ තරඟයේ දී ඉතා ප්‍රබල ලෙස තරඟ වැදුණු CH පිල පහසුවෙන් පොලිස් පිල පරාජය කලේය. එම පිලේ ලකුණු 39 ට ගෝල දිනුම් 2 ක් සහ උත්සහක දිනුම් 5 ක් ඇතුලත් වූ අතර පොලිස් පිල ගෝල දිනුම් 1ක් , උත්සහක දිනුමක් සහ ඩ්‍රොප් ගෝලයකින් සිය ලකුණු රැස් කරන ලදී. සත්‍ය රණතුංග, රුෂික ප්‍රනාන්දූ , දිනේෂ් සංජීව , ලකල පෙරේරා, සජිත් බණ්ඩාර , මොහොමඩ් ඉසඩීන් CH පිල වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කල අතර සජිත් බණ්ඩාර ප්‍රවර්තන 2ක් සාර්ථක කර ගැනීමට සමත් විය. විවේක කාලය වන විට 10-3 ලෙස CH පිල ඉදිරයෙන් සිටියේය.

අන්තර් සමාජ රග්බි පිටියේ අවාසනාවන්ත සිදුවීමක්

මෙරට අන්තර් සමාජ රග්බි ඉතිහාසයට කලු පැල්ලමක් පසුගිය ඉරිදා ක් කරමින් මහනුවර සහ නාවික හමුදා තරඟය නිමා විය. මෙමෙ තරඟය නියමිත වේලාවට වඩා මිනිත්තු 12 කට පෙර නිමා කිරීමට තරඟය විනිශ්චය කල අරුණ ජයසේකර මහතා හට සිදු විය. වසර තුනකට පසු රග්බි පිටියට පිවිසි නාවික හමුදා පිල මුහුණ දුන් මුල්ම තරඟය වූ මෙය මහනුවර නිත්තෙවෙල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී හටගත් ගැටුම් කාරී තත්වය පාලනය කිරීමට නොහැකි වු හෙයින් තරඟය අතරමග නතර කරන විට මහනුවර පිල ලකුණු 36 - 5 ලෙස පෙරමුණ ගෙන සිටියේය. මෙමෙ තරඟයේ දී මහනුවර ක්‍රීඩක සංජීව ජයසිංහට පැති රේඛාව අසලදී නාවික හමුදා ආධාර කරවන් පහර දීමත් සමගම ඇතිවූ ගැටුම නිසා ෆසිල් මරිජා ඇතුලු ක්‍රීඩකයන් බරපතල තුවාල ලැබූහ. මෙරට රග්බි ඉතිහාසයේ කිසි දිනක ඇති නොවූ ආකාරයේ සිදුවීමක් වන මෙය පැහැදිලිවම අපේ රට තුල ක්‍රීඩාවේ විනය පිරිහීමට හොද උදාහරණකි.

සාන්ත තෝමසුවන් ත්‍රිත්ව පරදවයි

ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේදී අද පැවති තවත් අනතර් පාසල් ලීග් රගර් තරඟයකදී මහනුවර ත්‍රිත්ව පිල පැරදවූ ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයෝ 26-17 ක විශිෂ්ඨ ජයක් ලැබීමට සමත් වූහ.

රාජකීයෝ තෙවන ජය ලබති

මෙවර අන්තර් පාසල් රගර් පිටියේ සිය අපරාජිත භාවය තව දුරටත් රැකගත් කොළඹ රාජකීය ක්‍රීඩකයෝ අද සාන්ත පීතර පිල පැරදවීමට සමත් විය. බම්බලපිටියේ දී පැවැත්වුණුමෙම තරඟය 30-10 ලෙස ජය ගැනීමට රාජකීයන් සමත් වූහ. රාජකීය පිල වෙනුවෙන් නරේන් දාසන් , හම්සා හසන් සහ නිකිර සේනානායක ඇතුලු ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් වාර්තා කලහ.

ත්‍රිත්ව කිංස්වුඩ් ජය ලබති

පසුගිය සති අන්තයේ පැවති තවත් පාසල් රගබි තරඟ දෙකක දී සාන්ත අන්තෝනි පිල 49-10 ලෙස පැරදවීමට සමත් වූ අතර කිංස්වුඩ් පිල සාන්ත ජෝසප් පිල ද පරාජය කිරීමට සමත් විය. සාන්ත ජෝසප් සහ කිංස්වුඩ් තරඟය වඩා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කලද ප්‍රබල කිංස්වුඩ් පිල ඉතා පහසුවෙන් සාන්ත ජෝසප් පිල පරාජයට පත් කලේය. මෙම තරඟය කොළඹ රාජකීය පිටියේදී පැවැත්විණි.

මේ සති අන්තයේ තරඟ සටහන

මැයි 15 සාන්ත ජෝසප් - සාන්ත අන්තෝනි ,CR සහ FC පිටියේදී මැයි 16 කිංස්වුඩ් - ධර්මරාජ , බෝගම්බරදී මහානාම - ඉසිපතන , CR සහ FC පිටියේදී සාන්ත තෝමස් - ත්‍රිත්ව , ගල්කිස්සේ දී සාන්ත පීතර - රාජකීය , බම්බලපිටියේ දී උපුටා ගැනීම (http://thepapare.com)

ඉසිපතන හමුවේ සාන්ත පීතර පසු බසියි

මෙවර සති අන්තයේ පැවති තවත් උණුසුම් අන්තර් පාසල් රග්බි තරඟයකදී ඉසිපතන පිල ඉදිරියේ සානත් පීතර පිල පරාජයට පත් විය. බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිටියේදී පැවති මෙම තරඟයේදී ලකුණු 22-12 ලෙස ඉසිපතන විදුහල ජය ලැබීය. පසුගිය සතියේ සාන්ත තෝමස් පිල ඉදිරියේ පරාජය ලැබූ ඉසිපතන පිල සිය සුපුරුදු දස්කම් දැක්වීමට මෙම තරඟයේ දී සමත් විය. ප්‍රථම භාගය අවසන් වන විට 12-5 ලෙස ඉදිරියෙන් සිටියේ ඉසිපතන පිලයි.