Skip to main content

Posts

Showing posts with the label හොකී

වාර්ෂික හොකී තරඟය ජය පැරදුමෙන් තොරයි.

කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර 9 වනවරටත් පැවති වාර්ෂීක මහා හොකී තරඟය පසුගිය දා යජ පරාජයෙන් තොරව නිම විය. පසුගිය 22 වන සෙනසුරාදා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩා පිටියේදි මෙම තරඟය පැවැත් විනි. පසුගිය වසරේ 4-0 ලෙස පරාජයට පත්වූ සාන්ත තෝමස් පිලෙන් මෙවර ඉතා අධිෂ්ඨාන ශීලී ක්‍රීඩා රටාවක් දක්නට ලැබිණී. තරඟයේ මුල පටන්ම දෙපිලම ඉතා ආක්‍රමණ ශීලී තරඟ රටාවක නිරත වූ නමුදු ප්‍රථම භාගය අවසාන වන විට ගෝල රැස් කිරීමට දෙපිලටම නොහැකි විය. නමුත් තරඟයේ දෙවනි භාගයෙ දී එක වරම ක්‍රියාත්මක වූ සාන්ත තෝමසුවන් ප්‍රථම ගෝලය වාර්තා කල අතර ඉන් සුලු වෙලාවකට පසු රාජකීය බලාපොරොත්තු කඩ කරමින් දෙවන ගෝලය වාර්තා කලේ 2-0 ලෙස පෙරමුණ ගනිමිනි. නමුත් තරඟය අත නොහැරි රාජකීය ක්‍රීඩකයො ඉතා කෙටි කාලයක් තුල ගෝල 2 ක් වාරාතා කර ලකුණු තත්වය 2-2 ලෙස සම කිරීමට සමත් වූහ. අනතුරුව තරඟයේ නියමිත කාලය තුල දෙපිලම ලකුණු වාර්තා කිරීමට අසමත් වූ අතර ඊට පසුව ලැබුණු අමතර කාලයේ දි ද 2-2 ලෙස පැවතුණි. ඉන් අනතුරුව දඬුවම් පහර ලබා දුන් අතර දෙපිලම පහර 3 බැගින් සාර්ථක කර ගැනීම නිසා 5-5 ලෙස තරඟය නිමා විය. රාජකීය පිල වෙනුවෙන් මාලන් සේනානායක, ආ...

ආදි සිසු ගැටුමේ ජය සාන්ත තෝමසුවන් ට

රාජකීය සහ සාන්ත තෝමස් ආදි සිසුන් අතර පැවති වාර්ෂික හොකී තරඟයේ ජය ලැබීමට ශාන්ත තෝමස් පිල සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දී පැවැත්වුනු මෙම තරඟයේ දී ගෝල 1 - 0 ලෙස ප්‍රථම භාගයේ පෙරමුණ ගැනීමට තෝමසුවෝ සමත් වූහ. දෙවන භාගයේ දී ගෝල වාර්තා කිරීමට දෙපිලටම නොහැකි විය. දෙවිදුහල් නියෝජනය කල ක්‍රඩකයන් තරඟ වැදුනු මෙමෙ තරඟයේ දී ශ්‍රී ලංකා පිල නියෝජනය කල ක්‍රීඩකයන් තරඟ වැදුනි. රාජකීය පිල වෙනුවෙන් අශෝක් පීරිස් සහ අශේන් පීරිස් යන පිය පුතු යුගල තරඟ කලහ. මීට අමතරව නදිත් කුඩාගම, වැලිවත්ත, සඳුන් ගජනායක, මාලන් අලවිස් , අසංක මදුරංග, හෂාන් නිරෝෂන, වරුණ පෙරේරා , හසන්ත ජාසිංහ ආරච්චි ඇතුලු ක්‍රීඩකයන් ක්‍රීඩා කලහ.

ලේනී පෙරේරා ශූරතාවය රාජකීයන්ට

කොළඹ රාජකීය සහ මහනුවර කිංස්වුඩ් දෙවිදුහල් අතර ලේනී පෙරේරා ශූරතාවය උදෙසා පැවැත්වූ වාර්ෂික හොකී තරඟයේ ජයග්‍රහණය ලබා ගැනීමට රාජකීය පිල සමත විය. කොළඹ රාජකීය පිටියේ දී පැවැත්වුනු මෙම තරඟයේ දී ගෝල 3 - 0 ලෙස වාර්තා කරමින් තරඟයය තමන් හට නතු කර ගැනීමට රාජකීයන් සමත් වූහ. ආලෝක අමරසිරි ගේ නායකත්වයෙන් තරඟ වැදුනු රාජකීය පිල තරඟයේ ප්‍රථම භාගය නිමාවන විට 2-0 ලෙස ඉදිරියෙන් සිටියහ. ඉතා තියුණු මුහුණුවරක් ගත් තරඟය පුරාවටම දෙපිලේම ක්‍රීඩකයන් ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක නිරත වූ අතර තමන්ට ලද අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගත් රාජකීය ක්‍රීඩකයෝ තම අණසක පැතිරවීමට සමත් වූහ. මේ තරඟයට පෙර පැවති කණිෂ්ඨ වයස අවුරුදු 15 න් පහල තරඟයේ දී 4-0 පහසු ජයක් ලබා ගැනීමට රාජකීය 15 න් පහල පිල සමත් විය. මේ වසරේ සමස්ත ලංකා ශූරතාවයට හිමිකම් කියන රාජකීය කණිෂ්ඨ පිල අති දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කලහ. එම්.නවුෂාඩ් සහ සතිශ් කුමාර් විසින් තරඟය විනිශ්චය කරන ලදී.

හොකී ශූරතාවය නැවතත් මොරටුව ට

සිය ජයග්‍රාහී ගමන තව දුරටත් ඉදිරියට රැගෙන ගිය මොරටුව විශ්ව විද්‍යාලයීය හොකී කණ්ඩායම මෙවරත් අන්තර් විශ්ව විද්‍යාලීය හොකී ශූරතාවය දිනා ගැනීමට සමත් විය. අයහපත් ආලෝක තත්වය මත 3-3 ලෙස තරඟය නිමා කිරීමට සිදුවූ නිසා මොරටුව සහ පේරාදෙණිය කණ්ඩායම් හට සම ශූරතාවය පිරි නමන ලදී. පසුගිය වසරේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම දිනාගත් මොරටුව පිල මෙවරත් ඉතා දක්ෂ ලෙස තරඟ වැදුනි. මුල් වටයේ දී ගොල 3-0 ලෙස ජයවර්ධන පුර පිලද අර්ධ අවසාන වටයේදී කොළඹ පිල ද අවසන් පූර්ව වටයේ දී කැලණිය පිල ද පරාජය කරමින් අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට මොරටුව පිල සමත් විය. සම ශූරතාවය දිනූ පේරාදෙණිය පිල මුල් වටයේ දී කොළඹ , අර්ධ අවසන් පූර්ව වටයේ දී ජයවර්ධන පුර සහ අවසන් පූර්ව වටයේ දී රුහුණු පිල පරාජය කරමින් අවසන් තරඟයට පිවිසීමට සමත් විය. මොරටුව පිල වෙනුවෙන් නදීෂ ප්‍රනාන්දු අති දක්ෂ ලෙස ක්‍රීඩා කල අතර සහිඩ් අහමඩ්, තරංග සොයිසා, දිනුක පෙරෙරා යන ක්‍රීඩකයන් කැපූ පෙනුනි. මොරටුව පිල ගාල්ල මහින්ද විදුහලේ ආදී ශිෂ්‍යකු වන තරංග සොයිසා විසින් මෙහෙය වූ අතර උප නායකත්වය ප්‍රභාත් අබේසේකර විසින් දරන ලදී. ජයග්‍රාහී පිල ඉෂාන් වීරසූරිය සහ...