Skip to main content

Posts

Showing posts with the label නාවික හමුදාව

පුබල මහනුවර පිල පැරදවීමට නාවික හමුදාව සමත් වෙයි

මෙවර අන්තර් සමාජ රගර් පිටියෙ පෙරළිකාර කණ්ඩායම වන නාවික හමුදා පිල පසුගිය සති අන්තයේ දී ප්‍රබල මහනුවර පිල පැරදවීමට සමත් විය. මෙහිදී ලකුණු තත්වය 12 -11 ලෙස සටහන් විය. මහනුවර පිල වෙනුවෙන් අනුර උදන්ගමුව උත්සාහක දිනුමක් වාර්තා කල අතර සාලිය කුමාර දඩුවම් පහර දෙකක් එල්ල කලේය. ජයග්‍රාහී නාවික හමුදා පිල දඩුවම් පහර 4 ක් මගින් ලකුණු රැස් කල අතර නුව් හෙට්ටිආරච්චි සහ දේව් ආනන්ද පහර 2 බැගින් සාර්ථක කර ගත්හ. ප්‍රථම භාගය නිම වන විට නාවික හමුදා පිල 6-5 ලෙස ඉදිරියෙන් සිටියේය. නාවික හමුදා පිල මෙහෙයවනු ලබන්නේ යෝෂිත රාජපක්ෂ විසිනි.

CH පිල පසු බසියි

මෙවර අන්තර් සමාජ රගර් පිටියට ඉමහත් බල්පොරොත්තු තබා පිවිසි CH සහ FC පිල මේ වන විට ප්‍රබල ලෙස පසු බෑමට ලක්ව සිටියි. මේ වන විට ඔවුන් මුහුණ දුන් තරඟ 6 කින් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරඟ 2 ක් පමණි. මේ වන විට ඔවුන් නාවික හමුදා පිල ඉදිරියේ 18 -12 ලෙස ද , යුධ හමුදාව ඉදිරියේ 21 -12 ලෙස ද , මහනුවර පිල හමුවේ 37 - 3 ලෙස හා CR පිල වෙතින් 17 -10 පරාජයක් ලැබීය. දෙවන වටයේ දී ඔවුන් කෙසේ දස්කම් දක්වාවි ද යන්න ක්‍රීඩා ලෝලීන් ගේ අවධානයට පත්ව ඇත.

සුමේධ මාලේවන ට තරඟ තහනමක්

ගිය සති අන්තයේ පැවති මහනුවර සහ නාවික හමුදාව අතර රගබි පාපන්දු තරඟයේ දී අනතුරුදායක අන්දමින් ක්‍රීඩා කල නාවික හමුදා පිලේ අංක අට ක්‍රීඩක සුමේධ මාලේවන හට සති දෙකක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රගබි පාපන්දු සම්මේලනයේ විනය කමිටුව තීරණය කර ඇත. මේ අනුව යුධ හමුදා සහ CH කණ්ඩායම් අතර තරඟ ඔහුට මග හැරෙනු ඇත. මීට අමතරව මෙම තරඟයේ සිදු වූ විනය විරෝධි සිදුවීම් පිළිබදව වීඩීයෝ පටයක් මහනුවර පිල විසින් අදාල විනය කමිටුවට ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධව පරීක්ෂණ ඉදිරියේ දී පැවැත්වෙන බව නිවේදනය කර තිබේ.  

අන්තර් සමාජ රග්බි පිටියේ අවාසනාවන්ත සිදුවීමක්

මෙරට අන්තර් සමාජ රග්බි ඉතිහාසයට කලු පැල්ලමක් පසුගිය ඉරිදා ක් කරමින් මහනුවර සහ නාවික හමුදා තරඟය නිමා විය. මෙමෙ තරඟය නියමිත වේලාවට වඩා මිනිත්තු 12 කට පෙර නිමා කිරීමට තරඟය විනිශ්චය කල අරුණ ජයසේකර මහතා හට සිදු විය. වසර තුනකට පසු රග්බි පිටියට පිවිසි නාවික හමුදා පිල මුහුණ දුන් මුල්ම තරඟය වූ මෙය මහනුවර නිත්තෙවෙල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී හටගත් ගැටුම් කාරී තත්වය පාලනය කිරීමට නොහැකි වු හෙයින් තරඟය අතරමග නතර කරන විට මහනුවර පිල ලකුණු 36 - 5 ලෙස පෙරමුණ ගෙන සිටියේය. මෙමෙ තරඟයේ දී මහනුවර ක්‍රීඩක සංජීව ජයසිංහට පැති රේඛාව අසලදී නාවික හමුදා ආධාර කරවන් පහර දීමත් සමගම ඇතිවූ ගැටුම නිසා ෆසිල් මරිජා ඇතුලු ක්‍රීඩකයන් බරපතල තුවාල ලැබූහ. මෙරට රග්බි ඉතිහාසයේ කිසි දිනක ඇති නොවූ ආකාරයේ සිදුවීමක් වන මෙය පැහැදිලිවම අපේ රට තුල ක්‍රීඩාවේ විනය පිරිහීමට හොද උදාහරණකි.