Skip to main content

Posts

Showing posts with the label පාසල්

රාජකීය පිල ලීග් කිරුල දිනා ගනියි

මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. මෙම තරඟවාරය තුල තමන් මුහුණ දුන් තරඟ 9 ම ජයග්‍රහණය කල රාජකීය පිල මෙමෙ තරඟ වාරයේ එකම අපරාජිත කණ්ඩායම ලෙස තමන්ගේ වාර්තාව රැක ගැනීමට සමත් විය. මෙවර රාජකීය කණ්ඩායම මෙහෙයවූයේ නරේන් දාසන් විසිනි. ලීග් තරඟාවලියේ අවසන් තරඟයේදී රාජකීය පිල විසින් සාන්ත ජෝසප් පිල 49-7 ලෙස පරාජය කරන ලදී. රාජකීය පිල අවසන් වරට ලීග් ශූරතාවය දිනා ගත්තේ 2003 වසරේ දී ශ්‍රී ලංකා සෙන්ටර් ක්‍රීඩක රජිත් ජයසුන්දර ගේ නායකත්වය යටතේය.

රාජකීය පිල ලීග් කිරුල අභියස

මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය පිළිබඳව සිය බලාපොරොත්තු ඉහල නංවා ගත් රාජකීය ක්‍රීඩකයෝ පසුගිය සති අන්තයේ දී ඉසිපතන පිල පරාජය කිරීමට සමත් විය. මේ අනුව දැනට තරඟාවලියේ පැවති තරඟ සියල්ලම ජය ගැනීමට එම පිල සමත්ව සිටී. මෙම තරඟය 22 - 3 ලෙස ජය ගැනීමට රාජකීය පිල සමත් විය. තරඟයේ මුල් විනාඩි කිහිපය තුල දේවින්ද ප්‍රසාද් ගේ දඩුවම් පහරක් මගින් 3-0 ලෙස ඉසිපතන පිල ලකුණූ රැස් කල අතර ප්‍රථම භාගය නිම වන විට 5-3 ලෙස රාජකීය පිල පෙරමුණ ගැනීමට සමත් විය.

කිංස්වුඩ් රජුන් රාජකීයන් හමුවේ දණ ගසති

මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය පිළිබඳව මහනුවර කිංස්වුඩ් පිල තබා තිබූ බලාපොරොත්තු සුන් කල රාජකීය ක්‍රීඩකයෝ 43-17 ලෙස ජදෙපිල අතර පැවති තරඟය ජය ගැනීමට සමත් විය. කොළඹ රාජකීය පිටියේ දී පැවති මෙම තරඟය අපේක්ෂා කල පරිද්දේන්ම තියුණු මුහුණුවරක් ගත් අතර මුලින්ම ලකුණු රැස් කිරීමට කිංස්වුඩ් පිල සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ රාජකීයන් ලකුණු තත්වය සම කිරීමට සමත් වූහ. ප්‍රථම භාගය නිමා වන විට 17 - 14 ලෙස රාජකීයන් ඉදිරියෙන් සිටි අතර ඉන් අනතුරුව වේගවත් ක්‍රීඩා විලාසයක නිරත වෙමින් ලකුණු රැස් කලහ. ගෝල දිනුම් 5 ක් උත්සාහක දිනුමක් සහ එක දඩුවම් පහරක් මගින් රාජකීය ලකුණු රැස් වූ අතර කිංස්වුඩ් පිල ගෝල 2 ක් සහ එක දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කලහ.

පාසල් රගර් පිටිය උණුසුම් වෙයි

අන්තර් පාසල් රගර් වසන්තයේ අග භාගයට එළඹෙමින් පවතින මේ සමයේ ලීග් කිරුළ සඳහා සටන තවත් උණුසුම් වී ඇත. මේ වන විට ලීග් කිරුළ සඳහා රාජකීය, කිංස්වුඩ් , සාන්ත තෝමස් යන කණ්ඩායම් අතර සටන ඇතිවී තිබේ. දැනට රාජකීය පිල අපරාජිතව පසුවන අතර කිංස්වුඩ්සහ සාන්ත තෝමස් කණ්ඩායම් දෙකම එක තරඟය බැගින් පරාජය ලබා සිටියි. මේ අනුව රාජකීය - කිංස්වුඩ් තරඟය ලීග් කිරුල දිනා ගන්නා කණ්ඩායම තීරණය කරන තරඟය වීමට බොහෝ ඉඩ ඇති බව රග්බි ලෝලීන් ගේ මතයයි.

සාන්ත තෝමසුවන් ත්‍රිත්ව පරදවයි

ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේදී අද පැවති තවත් අනතර් පාසල් ලීග් රගර් තරඟයකදී මහනුවර ත්‍රිත්ව පිල පැරදවූ ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයෝ 26-17 ක විශිෂ්ඨ ජයක් ලැබීමට සමත් වූහ.

රාජකීයෝ තෙවන ජය ලබති

මෙවර අන්තර් පාසල් රගර් පිටියේ සිය අපරාජිත භාවය තව දුරටත් රැකගත් කොළඹ රාජකීය ක්‍රීඩකයෝ අද සාන්ත පීතර පිල පැරදවීමට සමත් විය. බම්බලපිටියේ දී පැවැත්වුණුමෙම තරඟය 30-10 ලෙස ජය ගැනීමට රාජකීයන් සමත් වූහ. රාජකීය පිල වෙනුවෙන් නරේන් දාසන් , හම්සා හසන් සහ නිකිර සේනානායක ඇතුලු ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් වාර්තා කලහ.

ත්‍රිත්ව කිංස්වුඩ් ජය ලබති

පසුගිය සති අන්තයේ පැවති තවත් පාසල් රගබි තරඟ දෙකක දී සාන්ත අන්තෝනි පිල 49-10 ලෙස පැරදවීමට සමත් වූ අතර කිංස්වුඩ් පිල සාන්ත ජෝසප් පිල ද පරාජය කිරීමට සමත් විය. සාන්ත ජෝසප් සහ කිංස්වුඩ් තරඟය වඩා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කලද ප්‍රබල කිංස්වුඩ් පිල ඉතා පහසුවෙන් සාන්ත ජෝසප් පිල පරාජයට පත් කලේය. මෙම තරඟය කොළඹ රාජකීය පිටියේදී පැවැත්විණි.

මේ සති අන්තයේ තරඟ සටහන

මැයි 15 සාන්ත ජෝසප් - සාන්ත අන්තෝනි ,CR සහ FC පිටියේදී මැයි 16 කිංස්වුඩ් - ධර්මරාජ , බෝගම්බරදී මහානාම - ඉසිපතන , CR සහ FC පිටියේදී සාන්ත තෝමස් - ත්‍රිත්ව , ගල්කිස්සේ දී සාන්ත පීතර - රාජකීය , බම්බලපිටියේ දී උපුටා ගැනීම (http://thepapare.com)

ඉසිපතන හමුවේ සාන්ත පීතර පසු බසියි

මෙවර සති අන්තයේ පැවති තවත් උණුසුම් අන්තර් පාසල් රග්බි තරඟයකදී ඉසිපතන පිල ඉදිරියේ සානත් පීතර පිල පරාජයට පත් විය. බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිටියේදී පැවති මෙම තරඟයේදී ලකුණු 22-12 ලෙස ඉසිපතන විදුහල ජය ලැබීය. පසුගිය සතියේ සාන්ත තෝමස් පිල ඉදිරියේ පරාජය ලැබූ ඉසිපතන පිල සිය සුපුරුදු දස්කම් දැක්වීමට මෙම තරඟයේ දී සමත් විය. ප්‍රථම භාගය අවසන් වන විට 12-5 ලෙස ඉදිරියෙන් සිටියේ ඉසිපතන පිලයි.

සාන්ත තෝමසුවන් ජය ගනී

මෙවර පාසල් රග්බි වාරයේ තමන් මුහුණ දුන් ප්‍රථම තරඟයේ දී රාජකීයන් වෙතින් ලැබූ පරාජයේ අමිහිරි මතකයන් ඉවත් කර දැමූ ගල්කිස්ස සාන්ත තෝමසුවෝ පසුගිය සති අන්තයේ දී ඉසිපතන පිල පැරදවීමට සමත් විය. තරඟයේ මුල් භාගයේ දී 12-3 ලෙස ඉසිපතන පිල පෙරමුණ ගත්තද අවසානයේ 28-12 ජයක් ලැබීමට සාන්ත තෝමසුවෝ සමත් වූහ. මෙම තරඟය හැව්ලොක් පිටියේදී පැවැත්විණි.

පාසල් රග්බි පිටිය තවත් උණුසුම් වෙයි.

වසර 54 ක දෙවිදුහල් අතර රග්බි ඉතිහාසයේ පෙරළියක් සිදු කල මරදාන සාන්ත ජෝසප් පිල පසුගිය සති අන්තයේදී 27-24 ලෙස මහනුවර ත්‍රිත්ව පිල පරදවමින් ඉතිහාසයට එක් විය. මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාල පිටියේදී ම එම පිල පැරදවූ සාන්ත ජෝසප් පිල මෙම තරඟවාරයට නව ජීවයක් එක් කිරීමට සමත් විය. මීට අමතරව නිත්තෙවෙලදී 39-6 ලෙස සාන්ත අන්තෝනි පිල පැරදවීමට කොළඹ රාජකීය පිල සමත් විය. මෙවර තරඟවාරයේ සිය මුල්ම තරඟයට මුහුණ දුන් සාන්ත පීතර පිල වෙතින් ධර්මරාජ පිල 61 -0 ලෙසද කිංස්වුඩ් හමුවේ 81- 10 ලෙස මහානාම පිල ද පරාජය විය.

මයිකල් ගුණරත්න ශූරතාවය රාජකීයන්ට

මයිකල් ගුණරත්න ශූරතාවය උදෙසා පැවති වාර්ෂික රග්බි තරඟයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් පිල පරදවා 37-33 ජයක් ලැබීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ පැවති මෙම තරඟයේ දී ලත් ජයග්‍රහණය සමග නොකඩවා වසර හතරක් ශූරතාවය රැක ගැනීමට රාජකීයන් හට හැකි විය. රාජකීය පිල නරේන් දාසන් විසින් මෙහෙයවන ලදී.

පාසල් රග්බි වාරය

2008-2009 පාසල් රග්බි වසන්තය මේ මස 24 වන දින ආරම්භ වනු ඇත. එදින කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් පිල තරඟ වදිනු ඇත. මෙම තරඟය මයිකල් ගුණරත්න ශූරතාවය උදෙසා පැවැත්වෙන්නේ ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දීය. ඊට අමතරම මහනුවර බෝගම්බර පිටියේදී කිංස්වුඩ් - මහානාම තරඟය පැවැත්වේ.

ලේනී පෙරේරා ශූරතාවය රාජකීයන්ට

කොළඹ රාජකීය සහ මහනුවර කිංස්වුඩ් දෙවිදුහල් අතර ලේනී පෙරේරා ශූරතාවය උදෙසා පැවැත්වූ වාර්ෂික හොකී තරඟයේ ජයග්‍රහණය ලබා ගැනීමට රාජකීය පිල සමත විය. කොළඹ රාජකීය පිටියේ දී පැවැත්වුනු මෙම තරඟයේ දී ගෝල 3 - 0 ලෙස වාර්තා කරමින් තරඟයය තමන් හට නතු කර ගැනීමට රාජකීයන් සමත් වූහ. ආලෝක අමරසිරි ගේ නායකත්වයෙන් තරඟ වැදුනු රාජකීය පිල තරඟයේ ප්‍රථම භාගය නිමාවන විට 2-0 ලෙස ඉදිරියෙන් සිටියහ. ඉතා තියුණු මුහුණුවරක් ගත් තරඟය පුරාවටම දෙපිලේම ක්‍රීඩකයන් ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක නිරත වූ අතර තමන්ට ලද අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගත් රාජකීය ක්‍රීඩකයෝ තම අණසක පැතිරවීමට සමත් වූහ. මේ තරඟයට පෙර පැවති කණිෂ්ඨ වයස අවුරුදු 15 න් පහල තරඟයේ දී 4-0 පහසු ජයක් ලබා ගැනීමට රාජකීය 15 න් පහල පිල සමත් විය. මේ වසරේ සමස්ත ලංකා ශූරතාවයට හිමිකම් කියන රාජකීය කණිෂ්ඨ පිල අති දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කලහ. එම්.නවුෂාඩ් සහ සතිශ් කුමාර් විසින් තරඟය විනිශ්චය කරන ලදී.