අන්තර් සමාජ රගර් තරඟාවලියේ පැවති තවත් තරඟයකදී CH පිල පරාජය කල CR පිල ජය ලැබීය. මේ තරඟය මෙඩ්ලන්ඩ් පෙදෙසේදී පැවැත්වින. මෙමෙ තරඟය 17-10 ලෙස CR පිල ජය ගත් නමුදු වර්ෂාවෙන් තෙත බරිතව තිබූ ක්‍රීඩාගනය නිසා සුපුරුදු වේගවත් තරඟ විලාශය දෙපිලෙන්ම දැක ගැනීමට නොහැකි විය. CR පිල දඩුවම් පහර 2 ක් , ඩ්‍රොප් ගෝල 2 ක් සහ එක උත්සාහක දිනුමකින් ලකුණු රැස් කල අතර CH පිල එක ගෝලයක් සහ දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කලහ. මෙහිදී CR පිලේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක දේව් ආනන්ද අති විශිෂ්ඨ ක්‍රිඩා විලාසයක් පෙන්නුම් කලේය.