Skip to main content

Posts

Showing posts with the label දේව් ආනන්ද

පුබල මහනුවර පිල පැරදවීමට නාවික හමුදාව සමත් වෙයි

මෙවර අන්තර් සමාජ රගර් පිටියෙ පෙරළිකාර කණ්ඩායම වන නාවික හමුදා පිල පසුගිය සති අන්තයේ දී ප්‍රබල මහනුවර පිල පැරදවීමට සමත් විය. මෙහිදී ලකුණු තත්වය 12 -11 ලෙස සටහන් විය. මහනුවර පිල වෙනුවෙන් අනුර උදන්ගමුව උත්සාහක දිනුමක් වාර්තා කල අතර සාලිය කුමාර දඩුවම් පහර දෙකක් එල්ල කලේය. ජයග්‍රාහී නාවික හමුදා පිල දඩුවම් පහර 4 ක් මගින් ලකුණු රැස් කල අතර නුව් හෙට්ටිආරච්චි සහ දේව් ආනන්ද පහර 2 බැගින් සාර්ථක කර ගත්හ. ප්‍රථම භාගය නිම වන විට නාවික හමුදා පිල 6-5 ලෙස ඉදිරියෙන් සිටියේය. නාවික හමුදා පිල මෙහෙයවනු ලබන්නේ යෝෂිත රාජපක්ෂ විසිනි.
අන්තර් සමාජ රගර් තරඟාවලියේ පැවති තවත් තරඟයකදී CH පිල පරාජය කල CR පිල ජය ලැබීය. මේ තරඟය මෙඩ්ලන්ඩ් පෙදෙසේදී පැවැත්වින. මෙමෙ තරඟය 17-10 ලෙස CR පිල ජය ගත් නමුදු වර්ෂාවෙන් තෙත බරිතව තිබූ ක්‍රීඩාගනය නිසා සුපුරුදු වේගවත් තරඟ විලාශය දෙපිලෙන්ම දැක ගැනීමට නොහැකි විය. CR පිල දඩුවම් පහර 2 ක් , ඩ්‍රොප් ගෝල 2 ක් සහ එක උත්සාහක දිනුමකින් ලකුණු රැස් කල අතර CH පිල එක ගෝලයක් සහ දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කලහ. මෙහිදී CR පිලේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක දේව් ආනන්ද අති විශිෂ්ඨ ක්‍රිඩා විලාසයක් පෙන්නුම් කලේය.