2009 වසරේ අන්තර් සමාජ රගර් තරඟාවලියේ ක්රීඩකයන් රැසක් නව ක්රීඩා සමාජ වෙනුවෙන් ක්රිඩා කරනු ඇතැයි දැන ගන්නට තිබේ. මේ අතරින් නවතම වෙනස්කම මහනුවර කණ්ඩායම නියෝජනය කල එරන්ද වීක්කොඩි කොළඹ CR පිලට එකතු වීමයි. මහනුවර කිංස්වුඩ් විදුහල නියෝජනය කල දක්ෂ ක්රීඩකයකු වන එරන්ද 2005 වසරේ එම පිලේ නායකත්වය දැරීය. ඉන් අනතුරුව මහනුවර පිල නියෝජනය කල ඔහු මෙවර CR පිල හා එකතු වීම පෙරලිකාර සිදුවීමකි.
CR පිල වෙනුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ මොහොමඩ් ෂෙරීෆ් මෙවර මහනුවර පිල වෙනුවෙන් තරඟ වදිනු ඇත. මෙවර CR පිල වෙනුවෙන් ගිය වසරේ පාසල් ක්රීඩා පිටියේ දස්කම් පෑ ඉසිපතන නායක දිනේෂ් චතුරංග, සාන්ත පීතර පිලේ ඉෂාන් නූර්, ඉසිපතන පිලේ ශ්රීනාත් සූරියබණ්ඩාර , මොහොමඩ් රිස්වාන් (කිංස්වුඩ්) සහ දිලංක ගුණතිලක (ධර්මරාජ) තරඟ වදිනු ඇත.
මීට අමතරව CH & FC පිල වෙනුවෙන් බිලාල් හසන් (රාජකීය) , ෂානක පීටර්ස් (සාන්ත ජෝසප්), ධනුෂ්ක පුෂ්පකුමාර (මගනුවර) සහ අවන්ත හෙට්ටිආරච්චි (මහනුවර) යන ක්රීඩකයන් එකතු වනු ඇත.
ඊට අමතරව කලකට පසු මෙවර තරඟවාරයට එකතු වන නාවික හමුදා පිල වෙනුවෙන් රවි ජයසූරිය (CR) , සුමේධ මාලේවන (CH) , රන්සිත් පීරිස් (ආනන්ද) සහ යෝෂිත රාජපක්ෂ (සාන්ත තෝමස්) තරඟ වදිනු ඇත.

මේ නවක ක්රීඩකයින් අතරින් බිලාල් හසන් කැපී පෙනෙන බව මගේ හැඟීමයි. ඒ වාගේම කිංස්වුඩ් පිලේ නායකයා වශයෙන් ක්රීඩා කල ක්රීඩකයා ඉතා දක්ෂ ලෙස ක්රීඩා කලා. CR කණ්ඩායම ෂෙරිෆ් ඉවත්වීම CR කණ්ඩායමට විශාල පාඩුවක් බව සිතමි. කෙසේ වෙතත් CR පිලට මා සුභ පතන අතර සිංහල බ්ලොග්ස් තුළ තවත් එක් රගර් ක්රීඩා ලෝලියෙක් සම්බවීම ගැන සංතෝෂ වෙනවා.
ReplyDeleteඅමතක වුනා. මීට අමතරව මහනුවර කණ්ඩායම වෙනුවෙන් සජිත් සාරංග (ඉසිපතන) එකතු වෙනවා. ෂෙරීෆ් ඉවත්වීම ඉතා විශාල පාඩුවක්. කෙසේ වෙතත් නවක ක්රීඩකයන සමග ඔවුන් තරඟ වදින්නේ කෙසේද යන්න අපි බලමු. රජිත් ජයසුන්දර ගෙන් පසු රාජකීයන් බිහි කල හොම ක්රීඩාකයා බිලාල් හසන් බවයි මගේ හැඟීම. අපි ඔහුට සුබ පතමු.
ReplyDelete