Skip to main content

පුබල මහනුවර පිල පැරදවීමට නාවික හමුදාව සමත් වෙයි

මෙවර අන්තර් සමාජ රගර් පිටියෙ පෙරළිකාර කණ්ඩායම වන නාවික හමුදා පිල පසුගිය සති අන්තයේ දී ප්‍රබල මහනුවර පිල පැරදවීමට සමත් විය. මෙහිදී ලකුණු තත්වය 12 -11 ලෙස සටහන් විය. මහනුවර පිල වෙනුවෙන් අනුර උදන්ගමුව උත්සාහක දිනුමක් වාර්තා කල අතර සාලිය කුමාර දඩුවම් පහර දෙකක් එල්ල කලේය. ජයග්‍රාහී නාවික හමුදා පිල දඩුවම් පහර 4 ක් මගින් ලකුණු රැස් කල අතර නුව් හෙට්ටිආරච්චි සහ දේව් ආනන්ද පහර 2 බැගින් සාර්ථක කර ගත්හ.

ප්‍රථම භාගය නිම වන විට නාවික හමුදා පිල 6-5 ලෙස ඉදිරියෙන් සිටියේය. නාවික හමුදා පිල මෙහෙයවනු ලබන්නේ යෝෂිත රාජපක්ෂ විසිනි.

Comments