Skip to main content

Posts

සුමේධ මාලේවන ට තරඟ තහනමක්

ගිය සති අන්තයේ පැවති මහනුවර සහ නාවික හමුදාව අතර රගබි පාපන්දු තරඟයේ දී අනතුරුදායක අන්දමින් ක්‍රීඩා කල නාවික හමුදා පිලේ අංක අට ක්‍රීඩක සුමේධ මාලේවන හට සති දෙකක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රගබි පාපන්දු සම්මේලනයේ විනය කමිටුව තීරණය කර ඇත. මේ අනුව යුධ හමුදා සහ CH කණ්ඩායම් අතර තරඟ ඔහුට මග හැරෙනු ඇත. මීට අමතරව මෙම තරඟයේ සිදු වූ විනය විරෝධි සිදුවීම් පිළිබදව වීඩීයෝ පටයක් මහනුවර පිල විසින් අදාල විනය කමිටුවට ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධව පරීක්ෂණ ඉදිරියේ දී පැවැත්වෙන බව නිවේදනය කර තිබේ.  

CR පිල ගුවන් හමුදාව පරදවයි

පසුගිය සති අන්තයේ පැවති තවත් අන්තර් සමාජ රගබි තරඟයකදී ගුවන් හමුදා පිල පැරදවූ CR සහ FC පිල ලකුණු 26 - 0 ක ජයක් ලැබීය. අෂේන් කරතේලිස්, චාමර විතානගේ , අෂා න් ඩි කොස්තා සහ හෙන්රි ටෙරන්ස් උත්සාහක දිනුම් වාර්තා කලහ.

CH ප්‍රථම තරඟය ජය ගනී

මෙවර අන්තර් සමාජ රගර් තරඟාවලියේ ආරම්භක තරඟයේදී පොලිස් පිල පරදවමින් ලකුණු 39-15 ක ජයක් ලැබීමට CH සහ FC පිල සමත් විය. මෙට්ලන්ඩ් පෙදෙසේ දී පැවැත්වුණු මෙමෙ තරඟයේ දී ඉතා ප්‍රබල ලෙස තරඟ වැදුණු CH පිල පහසුවෙන් පොලිස් පිල පරාජය කලේය. එම පිලේ ලකුණු 39 ට ගෝල දිනුම් 2 ක් සහ උත්සහක දිනුම් 5 ක් ඇතුලත් වූ අතර පොලිස් පිල ගෝල දිනුම් 1ක් , උත්සහක දිනුමක් සහ ඩ්‍රොප් ගෝලයකින් සිය ලකුණු රැස් කරන ලදී. සත්‍ය රණතුංග, රුෂික ප්‍රනාන්දූ , දිනේෂ් සංජීව , ලකල පෙරේරා, සජිත් බණ්ඩාර , මොහොමඩ් ඉසඩීන් CH පිල වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කල අතර සජිත් බණ්ඩාර ප්‍රවර්තන 2ක් සාර්ථක කර ගැනීමට සමත් විය. විවේක කාලය වන විට 10-3 ලෙස CH පිල ඉදිරයෙන් සිටියේය.

අන්තර් සමාජ රග්බි පිටියේ අවාසනාවන්ත සිදුවීමක්

මෙරට අන්තර් සමාජ රග්බි ඉතිහාසයට කලු පැල්ලමක් පසුගිය ඉරිදා ක් කරමින් මහනුවර සහ නාවික හමුදා තරඟය නිමා විය. මෙමෙ තරඟය නියමිත වේලාවට වඩා මිනිත්තු 12 කට පෙර නිමා කිරීමට තරඟය විනිශ්චය කල අරුණ ජයසේකර මහතා හට සිදු විය. වසර තුනකට පසු රග්බි පිටියට පිවිසි නාවික හමුදා පිල මුහුණ දුන් මුල්ම තරඟය වූ මෙය මහනුවර නිත්තෙවෙල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී හටගත් ගැටුම් කාරී තත්වය පාලනය කිරීමට නොහැකි වු හෙයින් තරඟය අතරමග නතර කරන විට මහනුවර පිල ලකුණු 36 - 5 ලෙස පෙරමුණ ගෙන සිටියේය. මෙමෙ තරඟයේ දී මහනුවර ක්‍රීඩක සංජීව ජයසිංහට පැති රේඛාව අසලදී නාවික හමුදා ආධාර කරවන් පහර දීමත් සමගම ඇතිවූ ගැටුම නිසා ෆසිල් මරිජා ඇතුලු ක්‍රීඩකයන් බරපතල තුවාල ලැබූහ. මෙරට රග්බි ඉතිහාසයේ කිසි දිනක ඇති නොවූ ආකාරයේ සිදුවීමක් වන මෙය පැහැදිලිවම අපේ රට තුල ක්‍රීඩාවේ විනය පිරිහීමට හොද උදාහරණකි.

සාන්ත තෝමසුවන් ත්‍රිත්ව පරදවයි

ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේදී අද පැවති තවත් අනතර් පාසල් ලීග් රගර් තරඟයකදී මහනුවර ත්‍රිත්ව පිල පැරදවූ ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයෝ 26-17 ක විශිෂ්ඨ ජයක් ලැබීමට සමත් වූහ.

රාජකීයෝ තෙවන ජය ලබති

මෙවර අන්තර් පාසල් රගර් පිටියේ සිය අපරාජිත භාවය තව දුරටත් රැකගත් කොළඹ රාජකීය ක්‍රීඩකයෝ අද සාන්ත පීතර පිල පැරදවීමට සමත් විය. බම්බලපිටියේ දී පැවැත්වුණුමෙම තරඟය 30-10 ලෙස ජය ගැනීමට රාජකීයන් සමත් වූහ. රාජකීය පිල වෙනුවෙන් නරේන් දාසන් , හම්සා හසන් සහ නිකිර සේනානායක ඇතුලු ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් වාර්තා කලහ.

ත්‍රිත්ව කිංස්වුඩ් ජය ලබති

පසුගිය සති අන්තයේ පැවති තවත් පාසල් රගබි තරඟ දෙකක දී සාන්ත අන්තෝනි පිල 49-10 ලෙස පැරදවීමට සමත් වූ අතර කිංස්වුඩ් පිල සාන්ත ජෝසප් පිල ද පරාජය කිරීමට සමත් විය. සාන්ත ජෝසප් සහ කිංස්වුඩ් තරඟය වඩා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කලද ප්‍රබල කිංස්වුඩ් පිල ඉතා පහසුවෙන් සාන්ත ජෝසප් පිල පරාජයට පත් කලේය. මෙම තරඟය කොළඹ රාජකීය පිටියේදී පැවැත්විණි.