මෙරට අන්තර් සමාජ රග්බි ඉතිහාසයට කලු පැල්ලමක් පසුගිය ඉරිදා ක් කරමින් මහනුවර සහ නාවික හමුදා තරඟය නිමා විය. මෙමෙ තරඟය නියමිත වේලාවට වඩා මිනිත්තු 12 කට පෙර නිමා කිරීමට තරඟය විනිශ්චය කල අරුණ ජයසේකර මහතා හට සිදු විය. වසර තුනකට පසු රග්බි පිටියට පිවිසි නාවික හමුදා පිල මුහුණ දුන් මුල්ම තරඟය වූ මෙය මහනුවර නිත්තෙවෙල ක්රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී හටගත් ගැටුම් කාරී තත්වය පාලනය කිරීමට නොහැකි වු හෙයින් තරඟය අතරමග නතර කරන විට මහනුවර පිල ලකුණු 36 - 5 ලෙස පෙරමුණ ගෙන සිටියේය. මෙමෙ තරඟයේ දී මහනුවර ක්රීඩක සංජීව ජයසිංහට පැති රේඛාව අසලදී නාවික හමුදා ආධාර කරවන් පහර දීමත් සමගම ඇතිවූ ගැටුම නිසා ෆසිල් මරිජා ඇතුලු ක්රීඩකයන් බරපතල තුවාල ලැබූහ.
මෙරට රග්බි ඉතිහාසයේ කිසි දිනක ඇති නොවූ ආකාරයේ සිදුවීමක් වන මෙය පැහැදිලිවම අපේ රට තුල ක්රීඩාවේ විනය පිරිහීමට හොද උදාහරණකි.
මෙරට රග්බි ඉතිහාසයේ කිසි දිනක ඇති නොවූ ආකාරයේ සිදුවීමක් වන මෙය පැහැදිලිවම අපේ රට තුල ක්රීඩාවේ විනය පිරිහීමට හොද උදාහරණකි.
Comments
Post a Comment