මෙවර පාසල් රග්බි වාරයේ තමන් මුහුණ දුන් ප්‍රථම තරඟයේ දී රාජකීයන් වෙතින් ලැබූ පරාජයේ අමිහිරි මතකයන් ඉවත් කර දැමූ ගල්කිස්ස සාන්ත තෝමසුවෝ පසුගිය සති අන්තයේ දී ඉසිපතන පිල පැරදවීමට සමත් විය. තරඟයේ මුල් භාගයේ දී 12-3 ලෙස ඉසිපතන පිල පෙරමුණ ගත්තද අවසානයේ 28-12 ජයක් ලැබීමට සාන්ත තෝමසුවෝ සමත් වූහ. මෙම තරඟය හැව්ලොක් පිටියේදී පැවැත්විණි.
මෙවර අන්තර් සමාජ රගර් තරඟාවලියට වසර ගණනක නිහැඬියාව බිඳිමින් ඉදිරිපතා වන නාවික හමුදා පිල තවත් ශක්තිමත් වී ඇත. මුලින්ම සී ආර් පිල හා එකතු වූ එරන්ද වීරක්කොඩි නාවික හමුදා පිලට එකතු වී ඇත. ඊට අමතරව රවි ජයසූරිය (CR) , සුමේධ මාලේවන (CH), සමන්ත ලක්ෂාන් (හැව්ලොක්) යන ක්‍රීඩකයන් ඇතුලු අන්තර් සමාජ පිටිය වර්ණවත් කල ක්‍රීඩකයන් රැසක් නාවික හමුදා පිල නියෝජනය කරනු ඇත.
පල ගෙම්බො යන්න
ReplyDeleteස්තූතියි
ReplyDeleteතෝරා. තෝරා..
ReplyDelete