මෙවර අන්තර් ක්‍රීඩා සමාජ පිටියේ සිදුවන පෙරලි අතර නවතම වෙනස් කම සිදු කරමින් මහනැවර ක්‍රීඩා සමාජය නියෝජනය කල ඉතා ප්‍රබල ක්‍රීඩකයකු වන සජිත් මල්ලිකාරච්චි CH පිල හා එකතු වන බව දැන ගන්නට තිබේ. මහනුවර කණ්ඩායමේ නායකත්වය පවා දැරූ සජිත් ශ්‍රී ලංක් ජාතික කණ්ඩායමටද නැතිවම බැරි ක්‍රීඩකයකු විය. මේ අනුව ඔහු මෙවර තරඟවාරයේ දී සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරනු ඇත.
මෙවර අන්තර් සමාජ රගර් තරඟාවලියට වසර ගණනක නිහැඬියාව බිඳිමින් ඉදිරිපතා වන නාවික හමුදා පිල තවත් ශක්තිමත් වී ඇත. මුලින්ම සී ආර් පිල හා එකතු වූ එරන්ද වීරක්කොඩි නාවික හමුදා පිලට එකතු වී ඇත. ඊට අමතරව රවි ජයසූරිය (CR) , සුමේධ මාලේවන (CH), සමන්ත ලක්ෂාන් (හැව්ලොක්) යන ක්‍රීඩකයන් ඇතුලු අන්තර් සමාජ පිටිය වර්ණවත් කල ක්‍රීඩකයන් රැසක් නාවික හමුදා පිල නියෝජනය කරනු ඇත.
Comments
Post a Comment