මෙවර සති අන්තයේ පැවති තවත් උණුසුම් අන්තර් පාසල් රග්බි තරඟයකදී ඉසිපතන පිල ඉදිරියේ සානත් පීතර පිල පරාජයට පත් විය. බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිටියේදී පැවති මෙම තරඟයේදී ලකුණු 22-12 ලෙස ඉසිපතන විදුහල ජය ලැබීය. පසුගිය සතියේ සාන්ත තෝමස් පිල ඉදිරියේ පරාජය ලැබූ ඉසිපතන පිල සිය සුපුරුදු දස්කම් දැක්වීමට මෙම තරඟයේ දී සමත් විය. ප්‍රථම භාගය අවසන් වන විට 12-5 ලෙස ඉදිරියෙන් සිටියේ ඉසිපතන පිලයි.
මෙවර අන්තර් සමාජ රගර් තරඟාවලියට වසර ගණනක නිහැඬියාව බිඳිමින් ඉදිරිපතා වන නාවික හමුදා පිල තවත් ශක්තිමත් වී ඇත. මුලින්ම සී ආර් පිල හා එකතු වූ එරන්ද වීරක්කොඩි නාවික හමුදා පිලට එකතු වී ඇත. ඊට අමතරව රවි ජයසූරිය (CR) , සුමේධ මාලේවන (CH), සමන්ත ලක්ෂාන් (හැව්ලොක්) යන ක්‍රීඩකයන් ඇතුලු අන්තර් සමාජ පිටිය වර්ණවත් කල ක්‍රීඩකයන් රැසක් නාවික හමුදා පිල නියෝජනය කරනු ඇත.
අපරාදේ බලන්න යන්න බැරිවුනා.
ReplyDelete