පසුගිය සති අන්තයේ පැවති තවත් පාසල් රගබි තරඟ දෙකක දී සාන්ත අන්තෝනි පිල 49-10 ලෙස පැරදවීමට සමත් වූ අතර කිංස්වුඩ් පිල සාන්ත ජෝසප් පිල ද පරාජය කිරීමට සමත් විය. සාන්ත ජෝසප් සහ කිංස්වුඩ් තරඟය වඩා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කලද ප්‍රබල කිංස්වුඩ් පිල ඉතා පහසුවෙන් සාන්ත ජෝසප් පිල පරාජයට පත් කලේය. මෙම තරඟය කොළඹ රාජකීය පිටියේදී පැවැත්විණි.
මෙවර අන්තර් සමාජ රගර් තරඟාවලියට වසර ගණනක නිහැඬියාව බිඳිමින් ඉදිරිපතා වන නාවික හමුදා පිල තවත් ශක්තිමත් වී ඇත. මුලින්ම සී ආර් පිල හා එකතු වූ එරන්ද වීරක්කොඩි නාවික හමුදා පිලට එකතු වී ඇත. ඊට අමතරව රවි ජයසූරිය (CR) , සුමේධ මාලේවන (CH), සමන්ත ලක්ෂාන් (හැව්ලොක්) යන ක්‍රීඩකයන් ඇතුලු අන්තර් සමාජ පිටිය වර්ණවත් කල ක්‍රීඩකයන් රැසක් නාවික හමුදා පිල නියෝජනය කරනු ඇත.
Comments
Post a Comment