මෙවර අන්තර් පාසල් රගර් පිටියේ සිය අපරාජිත භාවය තව දුරටත් රැකගත් කොළඹ රාජකීය ක්‍රීඩකයෝ අද සාන්ත පීතර පිල පැරදවීමට සමත් විය. බම්බලපිටියේ දී පැවැත්වුණුමෙම තරඟය 30-10 ලෙස ජය ගැනීමට රාජකීයන් සමත් වූහ. රාජකීය පිල වෙනුවෙන් නරේන් දාසන් , හම්සා හසන් සහ නිකිර සේනානායක ඇතුලු ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් වාර්තා කලහ.
මෙවර අන්තර් සමාජ රගර් තරඟාවලියට වසර ගණනක නිහැඬියාව බිඳිමින් ඉදිරිපතා වන නාවික හමුදා පිල තවත් ශක්තිමත් වී ඇත. මුලින්ම සී ආර් පිල හා එකතු වූ එරන්ද වීරක්කොඩි නාවික හමුදා පිලට එකතු වී ඇත. ඊට අමතරව රවි ජයසූරිය (CR) , සුමේධ මාලේවන (CH), සමන්ත ලක්ෂාන් (හැව්ලොක්) යන ක්‍රීඩකයන් ඇතුලු අන්තර් සමාජ පිටිය වර්ණවත් කල ක්‍රීඩකයන් රැසක් නාවික හමුදා පිල නියෝජනය කරනු ඇත.
Comments
Post a Comment