Skip to main content

Posts

මයිකල් ගුණරත්න ශූරතාවය රාජකීයන්ට

මයිකල් ගුණරත්න ශූරතාවය උදෙසා පැවති වාර්ෂික රග්බි තරඟයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් පිල පරදවා 37-33 ජයක් ලැබීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ පැවති මෙම තරඟයේ දී ලත් ජයග්‍රහණය සමග නොකඩවා වසර හතරක් ශූරතාවය රැක ගැනීමට රාජකීයන් හට හැකි විය. රාජකීය පිල නරේන් දාසන් විසින් මෙහෙයවන ලදී.

නාවික හමුදාව තවත් ශක්තිමත් වෙයි

මෙවර අන්තර් සමාජ රගර් තරඟාවලියට වසර ගණනක නිහැඬියාව බිඳිමින් ඉදිරිපතා වන නාවික හමුදා පිල තවත් ශක්තිමත් වී ඇත. මුලින්ම සී ආර් පිල හා එකතු වූ එරන්ද වීරක්කොඩි නාවික හමුදා පිලට එකතු වී ඇත. ඊට අමතරව රවි ජයසූරිය (CR) , සුමේධ මාලේවන (CH), සමන්ත ලක්ෂාන් (හැව්ලොක්) යන ක්‍රීඩකයන් ඇතුලු අන්තර් සමාජ පිටිය වර්ණවත් කල ක්‍රීඩකයන් රැසක් නාවික හමුදා පිල නියෝජනය කරනු ඇත.

පාසල් රග්බි වාරය

2008-2009 පාසල් රග්බි වසන්තය මේ මස 24 වන දින ආරම්භ වනු ඇත. එදින කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් පිල තරඟ වදිනු ඇත. මෙම තරඟය මයිකල් ගුණරත්න ශූරතාවය උදෙසා පැවැත්වෙන්නේ ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දීය. ඊට අමතරම මහනුවර බෝගම්බර පිටියේදී කිංස්වුඩ් - මහානාම තරඟය පැවැත්වේ.

රග්බි පිටියේ තවත් පෙරළියක්

මෙවර අන්තර් සමාජ පිටියේ තවත් පෙරළියක් සිදු වී ඇත. එනම් වසරක තරඟ තහනමකට පසු යලිත් රග්බි පිටියට එක්වන මහනුවර පිල නියෝජනය කල චාමර විතානගේ CR පිල හා එක් වීමයි. කලක් ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමේ නායකත්වය දැරූ චාමර , කිංස්වුඩ් - ත්‍රිත්ව පාසල් තරඟයක් නරඹමින් සිටියදී විනිසුරුවරයාට පහර දීමේ චෝදනාවට ලක්වීම නිසා රග්බි ක්‍රීඩාවේ වසරක තහනමකට ලක් විය.

මේවර අන්තර් සමාජ රග්බි පිටියේ වෙනස්කම් රුසක්

2009 වසරේ අන්තර් සමාජ රගර් තරඟාවලියේ ක්‍රීඩකයන් රැසක් නව ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රිඩා කරනු ඇතැයි දැන ගන්නට තිබේ. මේ අතරින් නවතම වෙනස්කම මහනුවර කණ්ඩායම නියෝජනය කල එරන්ද වීක්කොඩි කොළඹ CR පිලට එකතු වීමයි. මහනුවර කිංස්වුඩ් විදුහල නියෝජනය කල දක්ෂ ක්‍රීඩකයකු වන එරන්ද 2005 වසරේ එම පිලේ නායකත්වය දැරීය. ඉන් අනතුරුව මහනුවර පිල නියෝජනය කල ඔහු මෙවර CR පිල හා එකතු වීම පෙරලිකාර සිදුවීමකි. CR පිල වෙනුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ මොහොමඩ් ෂෙරීෆ් මෙවර මහනුවර පිල වෙනුවෙන් තරඟ වදිනු ඇත. මෙවර CR පිල වෙනුවෙන් ගිය වසරේ පාසල් ක්‍රීඩා පිටියේ දස්කම් පෑ ඉසිපතන නායක දිනේෂ් චතුරංග, සාන්ත පීතර පිලේ ඉෂාන් නූර්, ඉසිපතන පිලේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර , මොහොමඩ් රිස්වාන් (කිංස්වුඩ්) සහ දිලංක ගුණතිලක (ධර්මරාජ) තරඟ වදිනු ඇත. මීට අමතරව CH & FC පිල වෙනුවෙන් බිලාල් හසන් (රාජකීය) , ෂානක පීටර්ස් (සාන්ත ජෝසප්), ධනුෂ්ක පුෂ්පකුමාර (මගනුවර) සහ අවන්ත හෙට්ටිආරච්චි (මහනුවර) යන ක්‍රීඩකයන් එකතු වනු ඇත. ඊට අමතරව කලකට පසු මෙවර තරඟවාරයට එකතු වන නාවික හමුදා පිල වෙනුවෙන් රවි ජයසූරිය (CR) , සුමේධ මාලේවන (CH) , රන්සිත් පීරිස් (ආනන්ද) සහ යෝෂිත ...

වාර්ෂික හොකී තරඟය ජය පැරදුමෙන් තොරයි.

කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර 9 වනවරටත් පැවති වාර්ෂීක මහා හොකී තරඟය පසුගිය දා යජ පරාජයෙන් තොරව නිම විය. පසුගිය 22 වන සෙනසුරාදා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩා පිටියේදි මෙම තරඟය පැවැත් විනි. පසුගිය වසරේ 4-0 ලෙස පරාජයට පත්වූ සාන්ත තෝමස් පිලෙන් මෙවර ඉතා අධිෂ්ඨාන ශීලී ක්‍රීඩා රටාවක් දක්නට ලැබිණී. තරඟයේ මුල පටන්ම දෙපිලම ඉතා ආක්‍රමණ ශීලී තරඟ රටාවක නිරත වූ නමුදු ප්‍රථම භාගය අවසාන වන විට ගෝල රැස් කිරීමට දෙපිලටම නොහැකි විය. නමුත් තරඟයේ දෙවනි භාගයෙ දී එක වරම ක්‍රියාත්මක වූ සාන්ත තෝමසුවන් ප්‍රථම ගෝලය වාර්තා කල අතර ඉන් සුලු වෙලාවකට පසු රාජකීය බලාපොරොත්තු කඩ කරමින් දෙවන ගෝලය වාර්තා කලේ 2-0 ලෙස පෙරමුණ ගනිමිනි. නමුත් තරඟය අත නොහැරි රාජකීය ක්‍රීඩකයො ඉතා කෙටි කාලයක් තුල ගෝල 2 ක් වාරාතා කර ලකුණු තත්වය 2-2 ලෙස සම කිරීමට සමත් වූහ. අනතුරුව තරඟයේ නියමිත කාලය තුල දෙපිලම ලකුණු වාර්තා කිරීමට අසමත් වූ අතර ඊට පසුව ලැබුණු අමතර කාලයේ දි ද 2-2 ලෙස පැවතුණි. ඉන් අනතුරුව දඬුවම් පහර ලබා දුන් අතර දෙපිලම පහර 3 බැගින් සාර්ථක කර ගැනීම නිසා 5-5 ලෙස තරඟය නිමා විය. රාජකීය පිල වෙනුවෙන් මාලන් සේනානායක, ආ...

ආදි සිසු ගැටුමේ ජය සාන්ත තෝමසුවන් ට

රාජකීය සහ සාන්ත තෝමස් ආදි සිසුන් අතර පැවති වාර්ෂික හොකී තරඟයේ ජය ලැබීමට ශාන්ත තෝමස් පිල සමත් විය. ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දී පැවැත්වුනු මෙම තරඟයේ දී ගෝල 1 - 0 ලෙස ප්‍රථම භාගයේ පෙරමුණ ගැනීමට තෝමසුවෝ සමත් වූහ. දෙවන භාගයේ දී ගෝල වාර්තා කිරීමට දෙපිලටම නොහැකි විය. දෙවිදුහල් නියෝජනය කල ක්‍රඩකයන් තරඟ වැදුනු මෙමෙ තරඟයේ දී ශ්‍රී ලංකා පිල නියෝජනය කල ක්‍රීඩකයන් තරඟ වැදුනි. රාජකීය පිල වෙනුවෙන් අශෝක් පීරිස් සහ අශේන් පීරිස් යන පිය පුතු යුගල තරඟ කලහ. මීට අමතරව නදිත් කුඩාගම, වැලිවත්ත, සඳුන් ගජනායක, මාලන් අලවිස් , අසංක මදුරංග, හෂාන් නිරෝෂන, වරුණ පෙරේරා , හසන්ත ජාසිංහ ආරච්චි ඇතුලු ක්‍රීඩකයන් ක්‍රීඩා කලහ.