Skip to main content

Posts

මෙවර පාසල් ලීග් ලකුණූ සටහන

මෙවර අන්තර් පාසල් ලීග් තරඟාවලියේ ලකුණු සටහන ඉහත දැක්වේ. උපුටා ගැනීම Daily Mirror පුවත් පතේ අනුග්‍රහයෙනි.

රාජකීය පිල ලීග් කිරුල දිනා ගනියි

මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. මෙම තරඟවාරය තුල තමන් මුහුණ දුන් තරඟ 9 ම ජයග්‍රහණය කල රාජකීය පිල මෙමෙ තරඟ වාරයේ එකම අපරාජිත කණ්ඩායම ලෙස තමන්ගේ වාර්තාව රැක ගැනීමට සමත් විය. මෙවර රාජකීය කණ්ඩායම මෙහෙයවූයේ නරේන් දාසන් විසිනි. ලීග් තරඟාවලියේ අවසන් තරඟයේදී රාජකීය පිල විසින් සාන්ත ජෝසප් පිල 49-7 ලෙස පරාජය කරන ලදී. රාජකීය පිල අවසන් වරට ලීග් ශූරතාවය දිනා ගත්තේ 2003 වසරේ දී ශ්‍රී ලංකා සෙන්ටර් ක්‍රීඩක රජිත් ජයසුන්දර ගේ නායකත්වය යටතේය.

රාජකීය පිල ලීග් කිරුල අභියස

මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය පිළිබඳව සිය බලාපොරොත්තු ඉහල නංවා ගත් රාජකීය ක්‍රීඩකයෝ පසුගිය සති අන්තයේ දී ඉසිපතන පිල පරාජය කිරීමට සමත් විය. මේ අනුව දැනට තරඟාවලියේ පැවති තරඟ සියල්ලම ජය ගැනීමට එම පිල සමත්ව සිටී. මෙම තරඟය 22 - 3 ලෙස ජය ගැනීමට රාජකීය පිල සමත් විය. තරඟයේ මුල් විනාඩි කිහිපය තුල දේවින්ද ප්‍රසාද් ගේ දඩුවම් පහරක් මගින් 3-0 ලෙස ඉසිපතන පිල ලකුණූ රැස් කල අතර ප්‍රථම භාගය නිම වන විට 5-3 ලෙස රාජකීය පිල පෙරමුණ ගැනීමට සමත් විය.

කිංස්වුඩ් රජුන් රාජකීයන් හමුවේ දණ ගසති

මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය පිළිබඳව මහනුවර කිංස්වුඩ් පිල තබා තිබූ බලාපොරොත්තු සුන් කල රාජකීය ක්‍රීඩකයෝ 43-17 ලෙස ජදෙපිල අතර පැවති තරඟය ජය ගැනීමට සමත් විය. කොළඹ රාජකීය පිටියේ දී පැවති මෙම තරඟය අපේක්ෂා කල පරිද්දේන්ම තියුණු මුහුණුවරක් ගත් අතර මුලින්ම ලකුණු රැස් කිරීමට කිංස්වුඩ් පිල සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ රාජකීයන් ලකුණු තත්වය සම කිරීමට සමත් වූහ. ප්‍රථම භාගය නිමා වන විට 17 - 14 ලෙස රාජකීයන් ඉදිරියෙන් සිටි අතර ඉන් අනතුරුව වේගවත් ක්‍රීඩා විලාසයක නිරත වෙමින් ලකුණු රැස් කලහ. ගෝල දිනුම් 5 ක් උත්සාහක දිනුමක් සහ එක දඩුවම් පහරක් මගින් රාජකීය ලකුණු රැස් වූ අතර කිංස්වුඩ් පිල ගෝල 2 ක් සහ එක දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කලහ.

පාසල් රගර් පිටිය උණුසුම් වෙයි

අන්තර් පාසල් රගර් වසන්තයේ අග භාගයට එළඹෙමින් පවතින මේ සමයේ ලීග් කිරුළ සඳහා සටන තවත් උණුසුම් වී ඇත. මේ වන විට ලීග් කිරුළ සඳහා රාජකීය, කිංස්වුඩ් , සාන්ත තෝමස් යන කණ්ඩායම් අතර සටන ඇතිවී තිබේ. දැනට රාජකීය පිල අපරාජිතව පසුවන අතර කිංස්වුඩ්සහ සාන්ත තෝමස් කණ්ඩායම් දෙකම එක තරඟය බැගින් පරාජය ලබා සිටියි. මේ අනුව රාජකීය - කිංස්වුඩ් තරඟය ලීග් කිරුල දිනා ගන්නා කණ්ඩායම තීරණය කරන තරඟය වීමට බොහෝ ඉඩ ඇති බව රග්බි ලෝලීන් ගේ මතයයි.

CR සහ මහනුවර අපරාජිතයි

මෙවර අන්තර් සමාජ රග්බි පිටියේ හය වන සති අන්තය වන විට අපරාජිතව සිටීමට ප්‍රබල මහනුවර සහ CR යන කණ්ඩායම් සමත්ව සිටී. මෙහිදී පස් වන සතිය නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට CR පිල සමත් විය. මෙම දෙපිල අතර තරඟය ලබන සති අන්තයේ එනම් 28 වන දා කොළඹ ලොන්ග්ඩන් පෙදෙසේ දී පැවැත්වෙනු ඇත. මෙම තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව මෙම සති අන්තයේ දී මහනුවර පිල හැව්ලොක් පිල සමග තරඟ වදිනු ඇත. තරඟාවලිය මුල දී ආබාධයන් නිසා ක්‍රීඩකයන් ගේ අඩු පාඩුවක් පැවතියද මේ වන විට මහනුවර පිල සුපුරුදු රිද්මයට පැමිණ සිටියි.
අන්තර් සමාජ රගර් තරඟාවලියේ පැවති තවත් තරඟයකදී CH පිල පරාජය කල CR පිල ජය ලැබීය. මේ තරඟය මෙඩ්ලන්ඩ් පෙදෙසේදී පැවැත්වින. මෙමෙ තරඟය 17-10 ලෙස CR පිල ජය ගත් නමුදු වර්ෂාවෙන් තෙත බරිතව තිබූ ක්‍රීඩාගනය නිසා සුපුරුදු වේගවත් තරඟ විලාශය දෙපිලෙන්ම දැක ගැනීමට නොහැකි විය. CR පිල දඩුවම් පහර 2 ක් , ඩ්‍රොප් ගෝල 2 ක් සහ එක උත්සාහක දිනුමකින් ලකුණු රැස් කල අතර CH පිල එක ගෝලයක් සහ දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කලහ. මෙහිදී CR පිලේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක දේව් ආනන්ද අති විශිෂ්ඨ ක්‍රිඩා විලාසයක් පෙන්නුම් කලේය.