Skip to main content

කිංස්වුඩ් රජුන් රාජකීයන් හමුවේ දණ ගසති

මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය පිළිබඳව මහනුවර කිංස්වුඩ් පිල තබා තිබූ බලාපොරොත්තු සුන් කල රාජකීය ක්‍රීඩකයෝ 43-17 ලෙස ජදෙපිල අතර පැවති තරඟය ජය ගැනීමට සමත් විය. කොළඹ රාජකීය පිටියේ දී පැවති මෙම තරඟය අපේක්ෂා කල පරිද්දේන්ම තියුණු මුහුණුවරක් ගත් අතර මුලින්ම ලකුණු රැස් කිරීමට කිංස්වුඩ් පිල සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ රාජකීයන් ලකුණු තත්වය සම කිරීමට සමත් වූහ.

ප්‍රථම භාගය නිමා වන විට 17 - 14 ලෙස රාජකීයන් ඉදිරියෙන් සිටි අතර ඉන් අනතුරුව වේගවත් ක්‍රීඩා විලාසයක නිරත වෙමින් ලකුණු රැස් කලහ. ගෝල දිනුම් 5 ක් උත්සාහක දිනුමක් සහ එක දඩුවම් පහරක් මගින් රාජකීය ලකුණු රැස් වූ අතර කිංස්වුඩ් පිල ගෝල 2 ක් සහ එක දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කලහ.


Comments

  1. උඹ රෝයල්ද?

    ReplyDelete
  2. හෙන ගහපිය මේ පාරට කොළඹට ද?

    ReplyDelete
  3. මෙවර ශුරතාවය දිනා ගනු ඇත්තේ රාජකීය හෝ සාන්ත තෝමස් දෙපිලෙන් එක පිලක් බව තමයි දැනට පෙනෙන්නට තිබෙන්නෙ. මේ සති අන්තයේ තරඟ වලදී එය විසදෙනු ඇති.

    ReplyDelete

Post a Comment